
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා තව දුරටත් ණය නොදෙන ලෙස එම බැංකුවලට මහ බැංකුව උපදෙස්දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කොටි 8000 සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෝටි 6300 ණයට තෙල් ලබාගෙන මුදල් ගෙවලා නොමැතිවීම නිසා ඛනිජ තෙල් සංස්ථාව ණයකාරයෙක් බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ ඒ හේතුවෙන් තව දුරටත් එම ආයතනවලට ණයට තෙල් සැපයීම නතර කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉතිරි ණය රුපියල් කෝටි 59700 අපි ගනිපුවද? ආණ්ඩුවේ අයට පිනට තෙල් ගහපුවද? ස්ට්‍රයික් කරනකොටත් පඩි ගෙවපු නිසාද?
කාර්ය මණ්ඩලයෙන් මේ පිළිබඳ පරික්ෂාවක් කර බලන්න. එවිට ඔබට මේ ණයවීම් පිළිබඳව හේතු සොයාගත හැකිවේවි..!