
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ.
මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම ගැටලුවට මැදිහත් වූ සාගල රත්නායක මහතා මසකට ඩොලර් මිලියන පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව ඉරානයෙන් ඩොලර් මිලියන 250 ක ඉන්ධන ලබාගෙන ඇති නමුත් ඊට සමානව තේ ලබාදී නැත.
ඊට හේතුව වී ඇත්තේ තෙල් සංස්ථාව ඊට අදාල මුදල් තේ මණ්ඩලයට ලබා නොදීමයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැදිහත්වී තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කොට මසකට ඩොලර් මිලින පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීම වෙනුවෙන් මුදල් තේ මණ්ඩලය වෙත ගෙවීමට එකඟ වී තිබේ.
මේ අනුව පළමු තේ තොගය ඉකුත් සතියේ ඉරානය වෙත යැවීමත් සමඟ පහත බැස තිබූ තේ දළු කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව තේ වෙළෙදුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ක්‍රමයට තෙලුයි, තේ කොළයි හුවමාරු කරගත්තාම කොමිස් කාරයින්ට මොකද වෙන්නේ..? බොල බූරු පුතේ නුඹ සෝක නොවී හිටපන්...!
දඩය ගෙවාගන්න බැරිවුණාම ඒකටත් බිලිවෙන්නේ අපේ පොකට් එකට... කෝටි ගණන් බදු නොගෙවා මගහරින මහා හොරු නිදැල්ලේ. ඔවුන් නොගෙවපු බදු අයකරන්නෙත් අපෙන්...
රාජපක්ෂලා පාලනය කළ සමයේ නේද මේ ගිවිසුම ගැහුවේ...? ඔවුන් සමග සිටි නිලධාරිනුත් චෞරයින්... ඩොලර් සියයට තෙල් බැරලයක් මිලදී ගන්නත් තවත් ගිවිසුමක් ගසා තිබුණා නේද...? මේ හොර කල්ලිය මේ රටට කළ හානිය වචන වලින් කියා නිම කරන්න බැහැ.. නමුත් මේ කිසිවෙකුට දඬුවම් නැහැ.
කවුරු ගිවිසුම් ගැහුවත් සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් නොකළොත් සාර්ථක වෙන්නේ නැහැ... තෙල් සඳහා ඩොලර් නිකුත් කිරීම කරනවා වගේ මේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්න ඕනෑ... ලංකාවේ කරන කිසිම වැඩක් පසු විපරම් නොකිරීමේ විපාක තමයි මේ කියන්නේ...!
රනිල් ඇවිත් සෑහෙන කාලයක්... රාජපක්ෂලාගේ වැරැදි තිබුණා නම් ඒවා නිවැරැදි කරන්න ඇති තරම් කල්... බලපුවාම රාජපක්ෂලා වැරැදියට හරි යමක් කළා. හරි දේත් බැහැ. වැරැදි දේත් බැහැ. වලපල්ලට ගියාට පස්සේ රට ගොඩගන්නවා කියනවා. අපේ හරක් එව්වා තලලා අප්පුඩි තලනවා.
ජනාධිපතිතුමා නොසිටියා නම් මේක විසඳන්න වෙන්නේ නෑ. විශිෂ්ඨයි තුමනි...!
දූෂිත දේශපාලුවෝ රටටම පොලු තියලා. ලෝකෙට ණයවෙලා, හිඟාකන ජාතියක් බවට පත් කෙරුවා. එහෙව් රටේ තෙල් සංස්ථාවේ අය ගැන මොන කතාද?