(රංජන් කස්තුරි)
වසර දෙකක් තිස්සේ වාහන ආනයනය නොකිරීමෙන් ලබාගත් වාසිය ඉන්ධන මිල ඉහළයාම නිසා අහිමිව ගොස් ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළයාම නිසා අවාසනාවන්ත හා අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙන බවද ඇමැතිවරයා කීය.
වාහන ආනයනය තහනම් කිරීම නිසා ආර්ථිකයට වාසියක් හිමිවූ බවද එහෙත් එම වාසිය වැඩිමිලට ඉන්ධන ගැනීමෙන් අහිමි වූ බවද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී රමේෂ් පතිරණ මහතා එසේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කිව්වත් රට නම් දුවනවා. හෙට ඉන්ධන ඉවරයි හෙට සිට විදුලිය නැහැ. වරායේ නැව් හිරවෙලා.. අම්මො යූටියුබ් චැනල්වල මවන බිල්ලන් දැන් මාස ගාණක ඉඳලා. හැබැයි කප කප හරි විදුලියත් තියනවා. පාර පුරා බස් වාහනවල අඩුවකුත් නැහැ. ගියගමන් ගන්න නැතත් කෑම බීමත් තියනවා. අපේ රටේ දැන් නියම තත්වේ ඕකයි. මෙච්චර කාලයක් වුනේ මගේ පොකට් එකේ මගේ වැටුප වගේම ඔය එක එක සමිති සමාගම් වෙනුවෙන් එකතුකරපු මුදලුත් තිබ්බේ මගෙ සාක්කුවේ... ඉතින් මම මගේ සල්ලියි, අනිත් සල්ලියි කිසිම හිරිකිතයක් නැතුව වියදම් කළා. ගෙදරට අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ වලිනුත් ගෙදර පුරෝගත්තා. දැන් මගේ කෙරුවාවල් ලීක් වෙලා මාව ඉන්ටඩික් කරලා ඉන්නේ... දැන් මොකද වෙන්නේ? අර සමිති සමාගම්වල වියදම් කළ මුදලුත් ටික ටික ගෙවන්න ඕනේ ගෙදර වියදමත් දරන්න ඕනේ. නිකන් සැපට කාලා පුරුදුයිනේ.. ගෙදර උනුත් දැන් හැම් බේකන්මයි ඉල්ලන්නේ... දැන් මගේ පොකට් එක හිස්... ඔහේ දවසගානෙ මුට්ටයක් හරි කරගහලා හොයන සොච්චමෙන් ඔක්කොම බැලන්ස් කරන්න ඕනේ... ඉස්සර වගේ ගෙදර කිසිදෙයක් ස්ටොක් නැහැ. කීයක් හරි හොයාගෙන ඒකෙන් තමයි පොඩි උන්ට කන්න හාල් හුණ්ඩුවක් හරි හොයාගන්නේ. හාල් ගත්තොත් ලාම්පුවලට තෙල් නැහැ. ඒ දෙකම ටික ටික හරි ගත්තොත් මට...!
ඔය මොනවා කිව්වත් රට නම් දුවනවා... හෙට ඉන්ධන ඉවරයි හෙට සිට විදුලිය නැහැ. වරායේ නැව් හිරවෙලා අම්මෝ යූටියුබ් චැනල්වල මවන බිල්ලන් දැන් මාස ගාණක ඉඳලා. හැබැයි කපකප හරි විදුලියත් තියනවා. පාර පුරා බස්, වාහනවල අඩුවකුත් නැහැ. ගියගමන් ගන්න නැතත් කෑම බීමත් තියනවා. අපේ රටේ දැන් නියම තත්වේ ඕකයි. මෙච්චර කාලයක් වුනේ මගේ පොකට් එකේ මගේ වැටුප වගේම ඔය එකඑක සමිති සමාගම් වෙනුවෙන් එකතුකරපු මුදලුත් තිබ්බේ මගෙ සාක්කුවේ... ඉතින් මම මගේ සල්ලියි, අනිත් සල්ලියි කිසිම හිරිකිතයක් නැතුව වියදම් කළා. ගෙදරට අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ වලිනුත් ගෙදර පුරෝගත්තා. දැන් මගේ කෙරුවාවල් ලීක්වෙලා මාව ඉන්ටඩික් කරලා ඉන්නේ... දැන් මොකද වෙන්නේ අර සමිති සමාගම්වල වියදම් කළ මුදලුත් ටිකටික ගෙවන්න ඕනේ ගෙදර වියදමත් දරන්න ඕනේ. නිකන් සැපට කාලා පුරුදුවුණු ගෙදර උනුත් දැන් හැම්බේකන්මයි ඉල්ලන්නේ... දැන් මගෙ පොකට් එක හිස්. ඔහේ දවසගානේ මුට්ටයක් හරි කරගහලා හොයන සොච්චමෙන් ඔක්කොම බැලන්ස් කරන්න ඕනේ... ඉස්සර වගේ ගෙදර කිසිදෙයක් ස්ටොක් නැහැ. කීයක් හරි හොයාගෙන ඒකෙන් තමයි පොඩි උන්ට කන්න හාල් හුණ්ඩුවක් හරි හොයාගන්නේ...
ඒ දෙකම ටිකටික හරි ගත්තොත් මාටිය ගහපු ණය ගෙවන්න බැහැ. ඒත් කොහොම හරි හෙට උණුවට බත් ටිකක් කනවා කියලා හිතලා අද දංකුඩ්ඩෙන් ශේප් වෙනවා... හැබැයි දැන් උනුත් ටික ටික හුරුවේගෙන එන්නේ කැලේට දුවලා හරි බඩ පුරවාගන්න ගඩාගෙඩියක් හරි කාලා... මම දැන් තමයි නියම ට්‍රැක් එකට වැටුණේ. ඉස්සර මම ක්ලීන් සූට් එම්ටි පොකට්. අද ඔරිජිනල් හිඟන්නා. ඒත් හොර සාක්කුවල සතේ දෙක තියනවා හදිස්සියකට ගන්න. ඔන්න අද අපේ රටේ තත්වේ..! සුද්ද සිංහලෙන් ලිව්වා තේරුම් ගනිල්ලා. මේ විදියට ගියොත් රටත් ගොඩ, අපිත් ගොඩ... දේශපාලකයින් කෑගහන්නේ ඔවුන් හොරාකාගෙන ආපු සිස්ටම් එක වෙනස් වෙලා හින්දා... ඉන්න අයත් බයයි.. එන්න ඉන්න අයත් බයයි මේ සිස්ටම් එකට... මොකද ඔවුන්ට හොරාකන්න බැහැ... නමුත් අපි ඔවුන්ව ඒ තැන හිරකරන්න ඕනේ... පක්ෂ පාට නැතුව.!
ඔහේලා පච වපුරලා බලය අල්ලාගත්ත එකෙන් ලංකාවට ඉස්සරහට යන්න තිබුණු අවස්ථාව නැතිකළා නේද?
ලංකාවේ බල ශක්තිය හා ප්‍රවාහනය කොපමණ විදේශික රටවල්වලින් යපෙනවාද? රටතුළ බල ශක්තිය නිපදවීමේ හැකියාවක් නැති වුණත් නැති බලයක් ලබා ගැනීමට හැම දේශපාලන පක්ෂයක්ම කෑගගහ ඉන්නවා. දේශීයව බල ශක්තියක් නැති අයට, දේශීයව බලයක් ලැබේද? කොහොමද වෙළඳ ආර්ථිකයක තියෙන අවදානම. තරමක් දුරට (රජයක වගකීම) හෝ ස්වයංපෝෂිත නොවී වෙළඳ ආර්ථිකයක් සාර්ථක වෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. ගිය ආණ්ඩුවේ එක ඇමති කෙනෙක් කිව්වා වගාකරන එක මහා අපරාධයක් කියලා. අඩුම තරමේ කනබොන ටික හරි තරමක් දුරට ස්වයං පෝෂිත වුණොත් එයට සමගාමීව අනෙකුත් භාණ්ඩ හා සේවාද ස්වයංපෝෂිත වෙන තත්වයකට පත්වෙයි කියලා හිතෙනවා.