(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 16 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බොරතෙල් හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා සිවුවැනි වරට වසා දැමූ අතර ඒ අනුව මාස දෙකකට අධික කාලයකට පසු විවෘත කිරීම කැපී පෙනේ.
මර්බන් නැමැති බොතෙල් මෙට්‍රික්ටොන් 90,000 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ටැංකිවලට ගොඩබෑම ආරම්භ කර ඇති බවත් තවත් බොතෙල් මෙටි්‍රක්ටොන් 90,000 ක් ආනයනයට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ඇති බවත් එම සංස්ථාව සඳහන් කරයි.
පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු ඩීසල් මෙට්‍රික්ටොන් 1600 ක්, පෙට්‍රල් මෙට්‍රික්ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 950 ක්, දැවිතෙල් මෙට්‍රික්ටොන් 1450 ක් සහ නැප්තා මෙට්‍රික්ටොන් 450 ක් දෛනිකව නිකුත් කළ හැකි බවත් ඛනිජ තෙල් සංස්ථාව කියයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තෙල් පිරිපහදුව 16දා යළි විවෘත කරයි
Lal Wednesday, 14 December 2022 07:45 PM
අතිකාල වලට වේලාවයි...
පැරකුම් Thursday, 15 December 2022 05:26 AM
කීදවසකටද? ඊළග බොරතෙල් නැව එනකල් තව මාස හයක් බලා ඉඳීවි. බොරතෙල් මිළ හොඳටම බැහැලා. රුසියන් බොරතෙල් ඊටත්වඩා ලාභයි. හැබැයි නෝ කොමිස්. නිකන් ජනතාව අන්දනවා. අපි ලණුව කනවා...
Perera Thursday, 15 December 2022 08:35 AM
පිරිපහදුවත් තියෙන්නේ සැලුන් දොරක්ද කොහෙද. තිස්සෙම ඇරෙනවයි වැහෙනවයි.
Bamunuarachchi Sunday, 18 December 2022 06:05 AM
ටක් ගානවා ටික ගානවා ටිකක් කනවා දොර වහනවා.