
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ.
අධිබල එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි 300 කට අධික සංඛ්‍යාවක් එක්කර ගෙන තිබු මෙම සවාරිය සුඛෝපභෝගි ජීප් රථ විශාල සංඛ්‍යාවක් ද ගමන් ගත්තේය.
මෙම සවාරිය කල්පිටියට හරහා ගමන් කරද්දි දළුව මංසන්දියෙදි කළු කොඩියක් ප්‍රදර්ශනය කරමින් එය නවතා මෙය සංවිධානයක කල සියලු දෙනාටම විරෝධය මතු කරමින් මිගට්ටුවත්තේ සුමිත් හිමියෝ දොස් තබන්නට වූහ.
මෙම යතුරු පැදි සවාරියට පොලිස් පෙර ගමන් යතුරු පැදි ලබා දෙමින් ආරක්ෂාව සැපයූ අයුරුද දැක ගත හැකි විය.
“ මේ රටේ මිනිස්සු ඩිසල් ටිකක් පෙට්‍රල් ටිකක් ගහ ගන්න දවස් ගනන් පෝලිම් වල ඉද්දි දේශපාලඥයන්ගේ උවමනාවට යතුරු පැදි සවාරි තියනවා.
යතුරු පැදි මදිවට එයට එකවන අධි සුඛෝපභෝගි වාහන වලටත් ඉන්දන ලබා දෙන්න වෙනම ඉන්දන බවුසරයක් ඉස්සරලා යවනවා.
ඇත්තටම මේ ඇමතිවරුන්ට තේරුම් ගන්න බැරිද මේ ඉන්දන ප්රශ්නය හා අනිකුත් ප්‍රශ්ණ හමුවේ මිනිස්සු දුක් විදිද්දී මේ විදිහට නාස්තිකාර වැඩ වැරදි කියලා.
මෙම සවාරිය තමන් කල්පිටියට රැගෙන ආ බවත් එයින් පාසල්වලට හා දේවස්ථාන වෙත ආධාර ලබා දීමට කටයුතු කර ඇති බවත් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි උදාර මධුසංඛ මහතා මිගට්ටුවත්තේ සුමිත්ත හිමියන්ට පවසන්නට විය.
කෙසේ නමුත් සුමිත් හිමියන් මෙම සවාරිය සංවිධානය කල ප්‍රබල දේශපාලඥයාට හා අනිකුත් පිරිසට දොස් තබන්නට ද වුහ.
සුමිත්ත හිමියන් ඇතුළු පිරිසගේ විරෝධය ගනන් නොගත් එම පිරිස පොලිස් පෙර ගමන් යතුරු පැදියද යළි කල්පිටියට ගමන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලීසිය... ඔය අර බබාගේ වැඩක්නේ...
මේකත් සර් අර කතාවේදි කිව්වා වගේ ගත්ත දැඩි තීන්දුවක් වෙන්න බැරිද?
ස' මේ දේශපාලකයින්ට බයයි..
ජනාධිපතිතුමනි, ඔබතුමා දැඩිතීන්දු තීරණ ගන්නේ පොදු ජනයා උදෙසා පමණක්ද?
මේ වගේ පාලකයින් ඉන්නේ අපේ වාසනාවට...!
මෙහෙම නොකර අනාගතයේ ඔටුන්න පළදින්නේ කොහොමෙයි...? අලුතින් රජයක් පත්වූ වහාම මේවා කළවුන්ට දැඩිසේ දඬුවම් දියයුතුයි.
එක ඇහැක් පොඩි නිසා වෙන්න ඇති අපේ ජනාධිපති මේවා දකින්නේ නැත්තේ....
කොන්ද පණ තියන නායකයෙක් හිටියා නම් මේ ඔක්සිජන් ඕන නැති ඕපපාතිකයින්ට කනට දෙකක් දෙනවා... ‘තවත් ආණුඩුව අප්‍රසාදයට පත් නොකර හිටු’ කියලා...
ජනාධිපතිතුමාත් මෙවැනි අසික්කිත වැඩ කරනවද?
එක රටක් - එක නීතියක් - ගොන්නු රැළක්....!
දිනෙන් දිනම මේ රට වල පල්ලට යන්නේ ඔන්න ඔය වගේ වැඩ නිසා තමයි. පාසැල් සහ දෙවස්ථාන වලට ආධාර දෙන්න වුවමනා නම් ඇයි ඒකට රථ වාහන පෙලපාලි තියන්නේ. ඔය වාහන වලට නිකරුනේ පුළුස්සා දමන තෙල් සඳහා වැය වන මුදලත් ආධාරයක් විදියටම දෙන්න පුළුවන්. තව ඇමතියෙක් මේ සැරේ නුවර එළියේ වසන්ත සැණකෙලිය පවත්වන්න ඕන කියලා පුරසාරම් දොඩවනවා. මෙහෙම ඇමතිලා ඉන්න තුරු රටකට දියුණුවක් වෙයිද?
ලක්ෂ 5ක පාසල් උපකරන දෙන්න කෝටි 5ක තෙල් ගහගෙන කල්පිටි යනවා. පොහොට්ටුව ගැන ආඩම්බරයි...
එක රට, එක නීතිය තාම වලංගුද? ඥාණසාර හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අර කමිටුව නිදිද? මේ කමිටුවට මේවා පේන්නේ නැද්ද?
ලංකාවේ දේශපාලනය තමයි ඒ. කිසිවක් වෙනස් වී නෑ...
ඡන්දයක් එයිනේ... එතකොට මේ අයගේ සනුහරේටම දෙන්නම්කෝ...!
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරාලු...!
මේ වගේ කාලකන්නි ඉන්න රටක තමයි අපි ජීවත් වෙන්නේ... මිනිස්සු පෝලිම්වල අපාදුක් විඳිනවා.. මේ අය රේස් පදිනවා. කෝ මේ රටේ නායකයා? මේවාට මම නෙවෙයි වගකියන්න ඕනෑ කියලා අත පිහදාගත්තම ජනතා ශාපයෙන් ගැලවේවි කියලාද හිතන්නේ? නැවක් මුහුදුබත් වෙන්න යනවා නම් ඒකට කැප්ටන් තමයි මුලින්ම වගකියන්න ඕනෑ. මේ නැවේ ඉන්නේ මරු කැප්ටන් කෙනෙක්නේ..
මහින්දගේ කාලේ තිබුණා ' නිල් බලකාය ' වගේ නූගත් සංවිධානයක්.. දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ මදි නොකියන්න " නෙලන්න ". පාර තැනින් තැන බ්ලොක් කරලා, ඔය හොර පිස්සන් රැලට මදි නොකියන්න නෙලලා, වාහන, මෝටර් සයිකල් ඔක්කොටම ගිනි තියන්න තිබුනේ...
කලින් සෙල්ලම් ආයෙත් පටං අරගෙන වගේ...!!!
විඳින දුකින් අප මැරුණත් ටිකෙන් ටික අමන දනන් හට නොපෙනේ අපේ දුක...
ඇයි මේවාට ප්‍රතිචාර නැත්තේ...? ආධාර දෙන්න මේ වගෙ ෂෝ දාන්න ඕනෑද? හෙනගහන්න එපැයි මේව සංවිධානය කරන අයට... මිනිස්සු පෝලිම්වල මැරෙද්දී බවුසර් අරං පෙලපාලි යනවා...
රටේ ඩොලර් නෑ. තිබිච්ච ඩොලර් ටික අහවල් පවුලේ උදවිය හොරාකාළා. ඩොලර් නැති නිසා තෙල් ගේන්න විදියක් නැහැ. රටේ ජනතාව තෙල් පෝලිම්වල දුක් විඳිනවා. පොහොට්ටුවේ දේශපාලුවන් සුපිරි විදිහට ගන්නවා. මේ අයට බැනලා වැඩක් නැහැ. මොකද මේ අයව පත්කරගත්තේ රටේ ජනතාවම තමයි. මේ අය කවදාවත් වෙනස් වෙන්නෙත් නැහැ.. ජනතාවට දැන් වෙනස් කරන්නත් බෑ. ඒ නිසා රටේ සියලුම ජනතාව ඊළඟ මැතිවරණයේදී මෙවැනි මෝඩරැලක් පත්කර නොගෙන, හොරකම, දූෂණය, වංචාව, නාස්තිය නොකරන රටට හිතවත් ඇති දේශපාලන පක්ෂයක් පත්කරගත යුතුයි.
ඔහොම තමයි ඉතින් ගොන්නුන්ට බලය ලැබුණාම. වඳුරට දැලි පිහිය ලැබුණා වගේ. මමනං කවදාවත් හිතුවේ නෑ අපි පත් කරගත්තු ආණ්ඩුවේ මේ වගේ පිස්සො දාගෙන පිස්සු නටයි කියලා. මහ එකාගේ ඉඳලා පොඩි එකා දක්වා කරන්නෙම පිස්සු තමයි.
ලක්ෂ 69ක් මෝඩ තකතීරුවන්ට තාම මොලේ පහලවුනේ නැතිව ඇති. ඊළඟ මැතිවරණය ලක්ෂ 100ක්ම දීලා රට විකුණගෙන යන්න කියන්න. එතකොට ගන්න කෙනා කන්නවත් දෙයිනේ. බත්පතට වැඩ කරන එකට වඩා මොලයක් සිංහල ජනතාවට නෑ.
ඉස්සරවෙලාම මැදිහත් වුණු ප්‍රබල දේශපාලඥයාගේ නම දාන්න. විරෝධය පාපු අයගේ නම් පසුව දාන්න. එතකොට මිනිස්සුන්ට ලේසියි.. මේ අය ගැන තීරණ ගන්න.
කව්ද ප්‍රබල දේශපාලඥයා?
චිත්‍රාල්ගේ අදහසට වාහන එකතුකර ගිනි තියනවා නම් ඒවායේ ගියපු අයත් ගින්නටම දමන්න ඕනෑ