ඉන්දියාව ද ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්‍රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් හෝ නොකරන බව එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අවධාරණය කරයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ ස්ථාවරය මෙසේ අවධාරණය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි සැසියක් අතරතුරේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය යුතු යැයි ඉදිරිපත් වූ යෝජනාවට, ඡන්දය දීමෙන් ඉන්දියාව වැළැකී සිටි නිසාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි සැසියක් පැවැත්වීම සිදුවූයේ ද හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරනක ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කර ගනිමින්, මානුෂීය සටන් විරාමයක් ඇති කිරීමටය.
ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල් බොහොමයක් ඊට විරෝධය දක්වමින් ඡන්දය ලබා දුන්නේ, හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට රිසි පරිදි හමාස් සටන්කාමීන් වෙත පහර දිය හැකි බව පෙන්වා දෙමිනි.
ජෝර්දානය ඉදිරිපත් කළ එම යෝජනාවට, ඉන්දියාව ද ඇතුළු රටවල් රැසක් ඡන්දය දීමෙන් වැලැකී සිටියේය. මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයට විවේචන එල්ල වීමට පටන්ගෙන තිබේ.
ඉන්දියාව ද ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්‍රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් හෝ නොකරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ ඊට පිළිතුරු දීමක් වශයෙනි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රස්තවාදයට කිසිම සමාවක් නෑ