
(සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එන සතියේදී සකස් කර අවසන් කෙරෙනු ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය.
එම පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ජාතික ජන බලවේගය ජනතාවට දුන් මැතිවරණ පොරොන්දුවකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින යුරෝපා සංගමය (EU) ඉකුත්දා ප්‍රකාශ කළේය.
මෙම පනත මෙම මාසයේදී අහෝසි කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාද ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක්ද පත් කෙරුණු අතර එම කමිටුවේ වාර්තාවද රජයට ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ඩයස්පෝරාවේ ශාතිෂය සතුට. එකඟ වූ පරිදි ක්‍රියාත්මක කිරීම ඉතා අඟනේය.
මේ පනත් කෙටුම්පත අවලංගු කළොත්, ජනාධිපතිට සිට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව අවශ්‍ය ඇයි? ආරක්ෂාව ඉවත් කර වියදම් අඩු කරන්න. වාහනයක යන විට අමතර පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය ඇයි? ඊයේ පෙරේදා විජේරාම හන්දියේදී මම දැක්කා. තවත් නාට්‍යයක් පසුපස තවත් නාට්‍යයක්.
ඕක ත්‍රස්ත පනත නෙමෙයි. ආන්ඩුවට ගැලපෙනවා. සිංහලයින්ට අබ සරණයි.
ඕක ඉරලා නෙමේ, රෝල් කරලා ගහගත්තත් කමක් නෑ. ඇතුලේ ඉන්න කොටි ටික එලියට දාන්නේ නැතුව. ආයෙත් කොළඹ හතර අතේ පුපුරන්න ඉඩ තියන්න එපා.
මේ කයිතන්ලා ගොන්වැඩ කරලා කෙලවා ගන්න අදන්නේ...
මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ මැතිවරණයේ දී ජනතාවට දුන් පොරොන්දුවක් නිසාද? නැතිනම් යුරෝපා සංගමයට දුන් පොරොන්දුවක් නිසාද? එහෙමත් නැතිනම් වෙතන් පාර්ශ්වයකට දුන් පොරොන්දුවක් නිසාද?