
(ඉන්දිකා රාමනයක)
අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට සම්බන්ධ බව කියන මාලදිවයින් ජාතිකයෙකු දෙහිවලදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්‌ථානය පවසයි.
ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකර විමර්ශනයේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති අතර දෙහිවල සිරිපාල පාරේ නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු මෙරටට පැමිණියේ ඇයිද යන්න සහ කුමන අන්තවාදී හා ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ ද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉන්න ජෝනියාගේ බාප්පාගේ පුතා ඔය. හිරගේ කඩලා ජෝනියාව එයාගේ මව්බිම වන මාලදිවයිනට අරගෙන ගිහින් එහෙ ජනාධිපති කරවන්න හදන ප්ලෑන් එකක මුල් කොටස මේ...