
(රෝෂන් තුෂාර)
අයිඑස් අයිඑස් ත්‍රස්තවාදීන් ලෙස පෙනී සිටිමින් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත ක්‍රියාවලින් ප්‍රවර්ධනය කිරීමේ සැකයට අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික හය දෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (09) නියෝග කළේය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් පසුගිය මැයි මාසයේදී ඉන්දියාවේ අත්අඩංගුවට ගත් මීගමුව හා කොළඹ නුස්රත් අහමඩ් ගානි,නෆ් නව්ෆර්, පාරිෆ් සරූක් හා අබ්දුල් රහීම්ස් අයිඑස් ත්‍රස්තයින් පිළිබඳ විමර්ශනය කිරීමේදී අනාවරණය කරගත් බවය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.