
(පාලිත මඩුගල්ලේ )
ආසියානු ධාවන ශූරිය වූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වැඩි දුර අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සඳහා ඇමෙරිකාව බලා ඊයේ උදෑසන 3.35 ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස් නගරය කේන්ද්‍ර කර ගත් ටියුලේන් විශ්ව විද්‍යාලයේ වසර හතරක පූර්ණ ශිෂ්‍යත්වයක් සහිතව කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගැනීම සඳහාත් ක්‍රීඩා කටයුතු සඳහාත් තමන් පිටත්ව යන බව විදේශ ගත වීමට ප්‍රථම තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව 'ලංකාදීප' යට පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුෂි ඇමෙරිකාවට
Prabha Sunday, 01 September 2024 09:58 PM
සුබ අනාගතයක් තරුෂි...!
singakkara Sunday, 01 September 2024 10:08 PM
ඔබ සැමට සුභ පැතුම්
city Monday, 02 September 2024 08:44 AM
ඇයට ලංකාව අමතක වෙයි
Rukmal G Monday, 02 September 2024 11:08 AM
ඇමෙරිකාව කරන්නේ ශිෂ්‍යත්වයක් දීලා මේ වගේ අය ඩැහැගන්න එක… අපේ බදු සල්ලිවලින් පුහුණුව දීලා අපිට ලන්කාවට අන්තිමට හුළං තමයි.
Prabha Monday, 02 September 2024 01:30 PM
රුක්මල් වගේ කුහකයින්ගෙන්නම් ලංකාවේ අඩුවක් නෑ..
Minoli Monday, 02 September 2024 11:45 AM
මේ රටේ හිටියොත් අනාගතයක් නෑ. කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, ගණිකාවෝ වෙන්න තමයි වෙන්නේ. පුතේ ඔය ගත්තු තීරණය ගොඩක් හොඳයි. සුබ අනාගතයක්...
Bunny Preena Monday, 02 September 2024 11:45 AM
සුබපැතුම්... හොඳට උපාධියත් සම්පූර්ණ කරලා ක්‍රීඩාවත් හොඳට පුහුණුවෙලා අපේ සුසන්තිකා වගේ ඔලිම්පික් පදක්කමක් ගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමි...
Perera Tuesday, 03 September 2024 02:38 AM
ලංකාව ඉන්න හිතෙන රටක් උනානම් තරුෂි ඇමරිකාවට යන්නේ නැහැ නේ