
(අංජුල මහික වීරරත්න)
16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 186 දෙනෙකුට සහ සෙසු නිලයන් 10093 දෙනෙකුටද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1256 දෙනෙකුටද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 09 දෙනෙකුට සහ සෙසු නිලයන් 868 දෙනෙකුට උසස්වීම් ලබා දීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd