බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව අද (29) යුද හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන් පත්කර ඇත.
නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩබ්.ඒ.එස්.එස් පෙරේරා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එල්.ආර්.පී රුද්‍රිගු සහ පොලිස් අධිකාරී එල්.කේ.ඩී අනිල් ප්‍රියන්ත යන නිලධාරීන් අදාළ සේවාවන්හි සහ පොලීසියේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස මෙම මූලස්ථානයට පත්කර ඇත.
මෙම කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන ලෙස පිහිටුවා ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යංශයට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ කියන්නේ කොටින්ට වැටෙන්න ගහපු දක්ෂ නිලධාරියෙක්. ගෝඨාභය පස්සේ කාලේ මෙයාව සහ එයාගේ සහෝදරයා කපලා දාලා තිබ්බේ... ජයවේවා මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේට...