(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කලේය .
මිරිහාන පරණ කොට්ටාව පාරේ මූල්‍ය ආයතනයක් ඉදිරිපිට දී ඊයේ 10 මෙම ඝාතනය සිදු කර තිබේ.
මිරිහාන පොලිසිය මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆිනෑන්ස් සමාගමේ ඉදිරි බිස්නස් කටයුතු කිරියෙන්, පැණියෙන් ඉතිරේවි මගේ හිතේ ... අම්මපා මොකට කියනවද ?
8 දෙනාම එල්ලුම්ගස් යවන්න ඕනේ.. මිනිහෙක්ට අත උස්සන්න කාටවත් අයිතියක් නැහැ.
මනුෂ්‍යයින් විදිහට පවත්වාගෙන නොයන හැම ව්‍යාපාරයක්ම විනාශ කළ යුතුයි. මනුස්සකම පෙරටුගාමී විය යුතුයි.
හෙට අනිද්දාම ඒ අයට ඇප දීලා උකුලේ නලවන්න පටන් ගනියි...
දන්න එකෙක් මේකෙ නම කියපල්ලකෝ... මේ අයට බයද නම දාන්නෙ නැත්තේ..?
පාස්කු ප්‍රහාරයවත් පසුගිය සිදුවීම් කිසිවක් වත් නැවත නැවත පෙර පරිදි සකස් කල නොහැක. කල හැක්කේ වරද කරුවන්ට දඩුවම් දීම පමණි. නමුත් කල නොහැකි පොරොන්දු ඉදිරියට වත් ලබාදීම නැවැත්වීම ට කටයුතු කල යුතුයි. තෙල් මිල අඩුවූ විට එම සහනය ආදේශක භාණ්ඩ වලට හිලව් නොකර නියමාකාරයෙන් ජනතාවට ලබාදීමට කටයුතු කරන්න. ලීසිං හෝ ණය වාරික නවත්වන්නේ නම් නිවැරදි උපදෙස් සහිතව ආයතන පවත්වා ගැනීමට අවශ්‍ය මුදල් රජයෙන් ලබාදීය යුතුය. රටවැසියන් ට බොරු පොරොන්දු නොදී ඉදිරියේ දී වත් මෙවැනි අවස්ථා ඇතිවීම නැවැත්වීම රජය ඍජුව මැදිහත් විය යුතුය. වැටුප් හෝ අතිකාල කප්පාදුව ක්‍රියාත්මක කළහොත් මීටත් වඩා දරුණු ප්‍රති විපාක වලට හේතු වනු ඇත. එසේම මෝඩ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම නවතා එක නීතියක් ක්‍රියාත්මක කරන්න.
මෙය පුද්ගලික ව්‍යාපාර ආයතනයක් මිස ලියාපදිංචි කල්බදු සමාගමක් නොවේ. එබැවින් කල්බදු සහන අයිතිකරුවන් කැමතිනම් මිස අනිවාර්ය නැත. නමුත් ඝාතන චෝදනාවලට වරදකරුවන් වීමට ඉඩ ඇත.
මේකේ තියෙන ගිණුම් ඔක්කොම අයින් කරගන්න ඕනේ. අනිත් අයත් ලීසිං වාරික නොගෙවා ඉඳලා මේක බංකොලොත් කරන්න ඕනේ..
8 දෙනාම සැඟවූ ආයුධ පෙන්වන්න එක්ක යන්න.
කෝ මේ ප්රගතිශීලී සමාජවාදී නායකයින්? ඇමෙරිකාවේ සිද්ධියකට උඩ පැනපැන උද්ඝෝෂණය කළා, තාම අපේ රටේ සාධාරණ හේතුවක් මත තම සහෝදරයෙක් වෙනුවෙන් කථා කරන්න ගිහින් වෘත්තීය සමීති නායකයෙක් මැරුම් කෑවා. මේ ගැන ප්රගතිශීලී නායකයන් නිහඬයි. මේ කට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ, ගෙදරට මර ගාතේ කියලා!
සභාපති මැරුවාට සාමාජිකයින් නම් තවම සද්දයක් නෑ.
මරණය දාට ත්‍රීවීල් පෙරහැරේ ගිහින් නිරොධායන නීති නම් කඩන්න එපා ගොයියෝ...