
( රංජිත් රාජපක්ෂ )
සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් කොටස් වලට ගලවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලීසිය කියයි.
ඉකුත් (07) දින කොටහේන පොලිස් වසමෙන් සොරකම් කරන ලද රු ලක්ෂ 14 ක් පමණ වටිනා නවීන ත්‍රිරෝද රථයක් හැටන් ඩන්බාර් ප්‍රදේශයට රැගෙනවිත් කොටස් වශයෙන් අලෙවි කිරිම සදහා ත්‍රිරෝද රථය කොටස් කරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර ත්‍රිරෝද රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත් අවස්තාවේ එහි ලියාපදිංචි අංකය ත්‍රිරෝද රථය කොටස් කරමින් තිබු ගරාජයේ සගවා තිබු බවත්, සැකකරුවන් සන්තකයේ හොරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 08 මිලිග්‍රැම් 740 ක්ද තිබි හමු වි ඇත.
ත්‍රිරෝද රථය සොරකම් කිරිම සම්බන්ධයෙන් එහි අයිතිකරු විසින් කොටහේන පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයේම පදිංචි අවු 25-30 වයස් කාණ්ඩයේ පසුවන අය බවත් කියයි.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ත්‍රිරෝද රියක් මස් කළ තුනක් අල්ලයි
ගුණරත්න Sunday, 09 February 2025 03:49 PM
අලුත් ත්‍රී වීල් එකක් දැන් ලක්ෂ 40යි, ඉතින් ඔය වැනි ප්‍රවෘත්ති පුදුමයක් නොවෙයි..