(සුමිත් පොතුපිටිය)

රුසියන් යුවළක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් තවත් ත්‍රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක් ගැටී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් රුසියන් යුවළ සහ තවත් කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු යුවළකි. 

වස්කඩුවේ සංචාරක හෝටලයක සිට හික්කඩුව ප්‍රදේශයේ සිරි නැරඹීම සදහා යමින් සිටි රුසියන් යුවල රැගත් ත්‍රිරෝද රථය කටුකුරුන්ද ඉන්ධන පිරවුම්හල අසල දී ඒ දෙසටම ගමන්ගත් ත්‍රීරෝද රථයක ගැටී ඉදිරිරියට ඇදී ගොස් තවත් ත්‍රීරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටී පෙරලී ඇති අතර , අනෙක් ත්‍රීරෝද රථය නවතා තිබූ යතුරුපැදි දෙකක ගැටී නතරවී ඇති බව පොලිසිය කීය.

තුවාල ලැබූ කතුන් දෙදෙනා නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රුසියානුවා සුළු තුවාල ලබා ඇති බවත් පොලිසිය කීය.