
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාත්‍රී සමාජ ශාලාවක සිට ආපසු යමින් සිටි පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් සුඛෝපභෝගී මෝටර් රථයක් කොල්ලුපිටිය ඇල්ප්‍රඩ් මාවත ආසන්නයේදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම මිය ගිය බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අනතුරින් පසු පලාගිය මෝටර් රථයේ පැදවූ සැකකාර සමාගම් අධ්‍යක්ෂවරයා පොලිසිය වෙත භාර වී නොතිබිණි.
අනතුරත් සමග ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් මෝටර් රථයේ සිටි කාන්තාවකට අමානුෂික ලෙස පහර දී තිබිණි.
අනතුරින් මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩ්‍රාම් තුවාන් නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.
බම්බලපිටියේ සිට කොළඹ දෙසට ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයේ අනතුර වන අවස්ථාවේදී පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.
තී රෝද රථයේ මෝටර් රථය ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට ගොස් වෙළඳසලකට කඩා වැදී තිබූ අතර අනතුරුව ත්‍රීරෝද රථය මාර්ගයේ ඉදිරියට මීටර් විසිපහකට අධික දුරක් ඉදිරියට ඇදී ගොස් නැවතී තිබූ බව පොලිසිය කියයි.
අනතුර සිදුවන ආකාරය සීසීටිවී කැමරාවක සටහන්ව තිබිණි.


COMMENTS
කාගේත් වෙරි නම් බහින්න ඇති.