(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාසල් බස් සහ වෑන් රථ හිමියන්ට සහන සැලසීම සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 400ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ත්‍රිරෝද රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 700 ක් ද පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන එක්දහස් පන්සීයක් ක් ද වෙන් කරන බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.