
(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය.
ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10 ක් පමණක් අඩුවී තිබීම නිසා කිලෝමීටරයකට ශත 50 ක් අඩු කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මේ රටට තනිකරම සාපයක් කොන්ද පන නැති රජයකට මේවා නියාමනය කරන්ඩ කොහොමත් බැහැ . මීටර් ටැක්සි කියලා තියෙනවා එක එකාගේ එක එක ගණන් . ඇහුවහම කියන්නේ ඒවා පාලනය කරන්නේ එයාලගේ සංගම්වලින් කියලා. අසරණ මිනිස්සුන්ව හුරගෙනම කනවා , දැන් කොහොමත් පුද්ගලික බස් සහ ත්‍රීවිල් එක්ක මනුස්සයෙකුට පාරේ වාහනයක් පදිනවා තියා පයින්වත් යන්ඩ බැහැ. පයින් පාරේ යනකොට පිටිපස්සෙන් ඇවිත් හෝන් කරනවා. කාණුවලට බැහැල ඉඩ දෙන්ඩ කියලා.
හොඳම දේ ත්‍රීරෝද රථ භාවිතා නොකර ඉන්න.
අද විශේෂයෙන් බොහො තරුණ පිරිස් කිලොමිටරයක දුරක් පයින් යන්‍න කැමති නැහැ එක්‍කො යතුරුපැදියක හා ත්‍රිවිල් රථයක යන්‍න තමයි කැමති සමහර අවස්‍ථාවල පොදු ප්‍රවාහන සේවා බස් රථ තිබුනද ඒවාට ගොඩ වෙන්‍නද එතරම් ආශාවක් නැහැ තවද ව්‍යායාම් අඩු නිසා ලෙඩත් වැඩියි කුඩා දුරක් හරි පයින් යනවානම් සෞඛ්‍යයටත් හොදයි එවීට මේ ත්‍රිවිල් කරුවන්‍ට දෛනික ගමන්‍වාර ඉබේටම අඩුවෙනවා විතරක් නෙවෙයි අතට ලැබෙන ගනුදෙනුවත් අඩුවෙනවා එතකොට මේ අයට කුලි රථ ගාස්‍තුව අනිවාරයෙන් පහල දැමිමට සිදුවෙනවා තවද පුළුවන්‍තරම් බස් හා දුම් රිය දෛනික ගමන්‍බිමන් සදහා යොදා ගැනිම ආරක්‍ෂාවටත් හොදයි
ඉන්ධන මිළ වැඩි වන විට ගාස්තු වැඩි කිරීමට සූත්‍රයක් තිබුනත් මිළ අඩුවන විට ගාස්තු අඩු කිරීමේ සූත්‍රයක් තවම හොයාගෙන නෑ.
රුපියල් 10 කින් වැඩි උනානම් මේ පාරේ නයි අඳින අය මොනව කරයිද?
රුපියල් දහයකින් වැඩි කලොත් ඔහොම නෙවෙයි නේද කියවන්නෙ, කෝ අර හයයි පනස්පහේ ප්‍රවෘත්ති කාරයො, අල්ලන්න වොයිස් කට් එකක් කුජීත වෙන්නම.
මාලිමා ඉස්ටිකර් ගහපු ඒවා මිල අඩුවට දුවන්නේ
ඉන්ධන පමණක් නොවෙයි ටයර් ඇතුලු සියලුම අමතර කොටස් නොමිලේ දුන්නත් ගාස්තුනම් අඩුකිරීමක් කරන්නෙම නැහැ
හංදියක් හංදියක් ගානේ තියෙන මේ කරුම ත්‍රීරෝද ලංකාවෙන් සම්පූර්ණයෙන් අයින් කරපු දාට මේ රටේ ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් මත් කුඩු මත්ද්‍රව්‍ය හොරකම් රිය අනතුරු 90%ක් අඩුවෙනවා.රටට අලුතින් ශ්‍රම බලකායත් හැදෙනවා
මේවා පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න
ත්‍රිරෝද රථ රියදුරන් තමන්ට හිතෙන හිතෙන විදියට මහජනතාව කොල්ලකමින් සිටිති.
uber හා pickme සමාගම් මේ වන විටත් ත්‍රීරෝද රථ රියදුරන්ට අසාධාරණ මිලක් තමයි ලබා දෙන්නේ ..ඒ ගණන් වලට දුවලා ත්‍රීරෝද රථයක් නඩත්තු කරන්නත් අමාරුයි ,රියදුරුගේ ජීවන වියදම් දරන්නත් අමාරුයි . .ඒ නිසා ගොඩක් රියදුරන් දැන් uber හා pickme හයර් දුවන එකෙන් අයින් වෙලා . මීටර් හයර් දුවන්නම තමා කැමැත්ත ...uber හා pickme රේට් සාධාරණ ගානකට දුන්නානම් ජනතාවටත් හොඳයි රියදුරුටත් හොඳයි
කමක් නැහැ නමුත් පැට්‍රල් මිල නැවත වැඩි වුනොත් 320 වෙනකම් ගාස්තු වැඩි කරන්න නම් කතා කරන්න එපා...!