IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ’’

(යොහාන් භාසුර)

පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය.

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10 ක් පමණක් අඩුවී තිබීම නිසා කිලෝමීටරයකට ශත 50 ක් අඩු කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා සඳහන් කළේය. 



අදහස් (13)

’’ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ’’

casmir Tuesday, 01 April 2025 12:12 PM

මේ මිනිස්සු මේ රටට තනිකරම සාපයක් කොන්ද පන නැති රජයකට මේවා නියාමනය කරන්ඩ කොහොමත් බැහැ . මීටර් ටැක්සි කියලා තියෙනවා එක එකාගේ එක එක ගණන් . ඇහුවහම කියන්නේ ඒවා පාලනය කරන්නේ එයාලගේ සංගම්වලින් කියලා. අසරණ මිනිස්සුන්ව හුරගෙනම කනවා , දැන් කොහොමත් පුද්ගලික බස් සහ ත්‍රීවිල් එක්ක මනුස්සයෙකුට පාරේ වාහනයක් පදිනවා තියා පයින්වත් යන්ඩ බැහැ. පයින් පාරේ යනකොට පිටිපස්සෙන් ඇවිත් හෝන් කරනවා. කාණුවලට බැහැල ඉඩ දෙන්ඩ කියලා.

:       0       0

Roshan Tuesday, 01 April 2025 12:14 PM

හොඳම දේ ත්‍රීරෝද රථ භාවිතා නොකර ඉන්න.

:       0       0

D P P ප්‍රසාද්‍ Tuesday, 01 April 2025 12:24 PM

අද විශේෂයෙන්‍ බොහො තරුණ පිරිස්‍ කිලොමිටරයක දුරක්‍ පයින්‍ යන්‍න කැමති නැහැ එක්‍කො යතුරුපැදියක හා ත්‍රිවිල්‍ රථයක යන්‍න තමයි කැමති සමහර අවස්‍ථාවල පොදු ප්‍රවාහන සේවා බස්‍ රථ තිබුනද ඒවාට ගොඩ වෙන්‍නද එතරම්‍ ආශාවක්‍ නැහැ තවද ව්‍යායාම්‍ අඩු නිසා ලෙඩත්‍ වැඩියි කුඩා දුරක්‍ හරි පයින්‍ යනවානම්‍ සෞඛ්‍යයටත්‍ හොදයි එවීට මේ ත්‍රිවිල්‍ කරුවන්‍ට දෛනික ගමන්‍වාර ඉබේටම අඩුවෙනවා විතරක්‍ නෙවෙයි අතට ලැබෙන ගනුදෙනුවත්‍ අඩුවෙනවා එතකොට මේ අයට කුලි රථ ගාස්‍තුව අනිවාරයෙන්‍ පහල දැමිමට සිදුවෙනවා තවද පුළුවන්‍තරම්‍ බස්‍ හා දුම්‍ රිය දෛනික ගමන්‍බිමන්‍ සදහා යොදා ගැනිම ආරක්‍ෂාවටත්‍ හොදයි

:       0       0

Pradeep Kumara Tuesday, 01 April 2025 12:53 PM

ඉන්ධන මිළ වැඩි වන විට ගාස්තු වැඩි කිරීමට සූත්‍රයක් තිබුනත් මිළ අඩුවන විට ගාස්තු අඩු කිරීමේ සූත්‍රයක් තවම හොයාගෙන නෑ.

:       1       26

බකල ජයා Tuesday, 01 April 2025 01:30 PM

රුපියල් 10 කින් වැඩි උනානම් මේ පාරේ නයි අඳින අය මොනව කරයිද?

:       1       35

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 02:48 PM

රුපියල් දහයකින් වැඩි කලොත් ඔහොම නෙවෙයි නේද කියවන්නෙ, කෝ අර හයයි පනස්පහේ ප්‍රවෘත්ති කාරයො, අල්ලන්න වොයිස් කට් එකක් කුජීත වෙන්නම.

:       0       0

TGL Tuesday, 01 April 2025 04:07 PM

මාලිමා ඉස්ටිකර් ගහපු ඒවා මිල අඩුවට දුවන්නේ

:       6       8

මිලින්ද Tuesday, 01 April 2025 05:16 PM

ඉන්ධන පමණක් නොවෙයි ටයර් ඇතුලු සියලුම අමතර කොටස් නොමිලේ දුන්නත් ගාස්තුනම් අඩුකිරීමක් කරන්නෙම නැහැ

:       0       0

පුරවැසියන් Tuesday, 01 April 2025 11:38 PM

හංදියක් හංදියක් ගානේ තියෙන මේ කරුම ත්‍රීරෝද ලංකාවෙන් සම්පූර්ණයෙන් අයින් කරපු දාට මේ රටේ ස්ත්‍රී දූෂණ මංකොල්ලකෑම් මත් කුඩු මත්ද්‍රව්‍ය හොරකම් රිය අනතුරු 90%ක් අඩුවෙනවා.රටට අලුතින් ශ්‍රම බලකායත් හැදෙනවා

:       0       1

maalaka Wednesday, 02 April 2025 05:25 AM

මේවා පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න

:       0       1

LGP. JATHUNARACHCHI. Wednesday, 02 April 2025 06:54 AM

ත්‍රිරෝද රථ රියදුරන් තමන්ට හිතෙන හිතෙන විදියට මහජනතාව කොල්ලකමින් සිටිති.

:       1       2

හසංක Wednesday, 02 April 2025 10:32 AM

uber හා pickme සමාගම් මේ වන විටත් ත්‍රීරෝද රථ රියදුරන්ට අසාධාරණ මිලක් තමයි ලබා දෙන්නේ ..ඒ ගණන් වලට දුවලා ත්‍රීරෝද රථයක් නඩත්තු කරන්නත් අමාරුයි ,රියදුරුගේ ජීවන වියදම් දරන්නත් අමාරුයි . .ඒ නිසා ගොඩක් රියදුරන් දැන් uber හා pickme හයර් දුවන එකෙන් අයින් වෙලා . මීටර් හයර් දුවන්නම තමා කැමැත්ත ...uber හා pickme රේට් සාධාරණ ගානකට දුන්නානම් ජනතාවටත් හොඳයි රියදුරුටත් හොඳයි

:       1       2

de silva Wednesday, 02 April 2025 11:21 AM

කමක් නැහැ නමුත් පැට්‍රල් මිල නැවත වැඩි වුනොත් 320 වෙනකම් ගාස්තු වැඩි කරන්න නම් කතා කරන්න එපා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site