
(නිමල් ජයරත්න)
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරයේ බුදු පිළිමය රැගෙන යාම පිළිබඳව තමා කණගාටුව සහ බලවත් අප්‍රසාදය පළ කරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.
නා හිමියෝ මෙසේ ද පැවැසූහ.
දේශපාලන නායකයන් මෙම සිද්ධිය දඩමීමා කර ගනිමින් පක්ෂයේ වාසියට හරවාගෙන තිබෙනවා.
මෙම සිදුවීමත් සමග ආණ්ඩුවට විශාල කළු කලු පැල්ලමක් එක් වූණ. මෙම සිදුවීම විශාල පිළිකාවක් බවට පත්වීමට ඉඩකඩ ඇති හෙයින්, ඇතැම් දේශපාලන පක්ෂ මින් වාසි ලබාගෙන ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයක නියැලෙනවා.
''මේක රජයේ විශේෂ අවධානයට ලක්විය යුතු කාරණයක්. රජය යම්කිසි කාරණයක් සිදු කරන්නට පෙර ඒ ක්‍රියාවේ පස්සට එන ඵල විපාක පිළිබඳ සිතා බලන්න ඕනේ, ජන මතයත් එක්ක අපට සෙල්ලම් කරන්න හැකියාවක් නෑ. ජනතාව ගන්න තීන්දුත් එක්ක තමයි හෙට දවසේ රට පාලනය කරන්නේ කවුද කියලා තීරණය කරන්නේ. තුනෙන් දෙකේ බලයක් මේ රජයට දුන්නේ ලොකු විශ්වාසයක් ඇතිව. මේ වගේ සිදුවීම් රජයට ලොකු කළු පැල්ලම්. මේ වගේ සිදුවීම් ඉදිරියට නොවන්නට වග බලාගැනීම රජයේ ලොකු වගකීමක්. මම ඉල්ලීමක් කරනවා සියලුම මහා සංඝරත්නයෙන්, සහ විශේෂයෙන් ජනමාධ්‍ය ආයතනවලින් වගේම රටේ වගකිවයුතු අංශ වලින් මේවා දඩමීමා කර ගනිමින්, ජාතිවාදය ඇවිස්සෙන කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා යැයි දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
162
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ත්‍රි‘මලේ සිද්ධියට දිඹුලාගල හිමිත් කනගාටු වෙති
සෙනෙවිරත්න Tuesday, 18 November 2025 04:46 PM
අලුතෙන් කලු පැල්ලම් එකතු වෙන්න දෙයක් නෑ අපේ හාමුදුරුවනේ, මේ ආණ්ඩුව කොහොමත් කට්ට කලුයි. ඒ වගේම අතිශය ජාතිවාදීයි. සියලුම ජාතිවාදී කෙනෙහිලිකම් සිංහලුන්ට විරුද්ධවයි...
Emard Wednesday, 19 November 2025 09:18 AM
මොනවා කරන්නද ? හාමුදුරුවනේ දැන් ඉතින් ඉතින්. මුන් මොන පරයොද කියලා හිතගන්න බැහැ
Nisan Wednesday, 19 November 2025 11:01 AM
ඕවා කියවන්න ගිහින් ඔබ වහන්සේගේ පන්සලත් ගලවලා දමයි මුන්.