(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු "තොරොම්බෝල් කඩ" පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වාහන වල කෑලි ගලවන බවට පහුගිය කාලයේ චෝදනා එල්ල වුණා. අපි ඒ කෑලි ගැලෙව්වා නොවේ.ඒ කළේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණයි.
මේ නීතිය තදටම ක්‍රියාත්මක වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් කරන්නට අප කටයුතු කරනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
Hhh Friday, 09 May 2025 05:18 PM
සුපිරියි...
නිමල් Friday, 09 May 2025 05:32 PM
කයිවාරු එපා, කරලා පෙන්වන්න, බස් එකක යන්න බෑ. සමාජශාලා වගේ ඇස් කැඩෙන ලයිට් දාලා, කන් පැලෙන්න ඝෝෂාව, මොනතරම් මහජන පීඩාවක්ද? ඇයි මේවා නතර කරන්න බැරි...? බොරුවට කරන සංදර්ශන වලට වැඩිය මහජන සේවයක් ඒවා, කරුණාකර පොදු මගී ප්‍රවාහන සේවාවන්වලට ප්‍රමිතියක් ක්‍රියාත්මක කරන්න. දිනපතාම මිලියන ගණනක් ජනතාව පෞද්ගලික සහ ලංගම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනවා...
Sunil Friday, 09 May 2025 07:47 PM
නිමල් හරියටම හරි ඇත්ත්ටම මෑතක සිට බස් ගැන නම් කියන්න තියෙන්නෙ නිමල් කියූදේ තමයි ඒවායේ සැරසිලි ලයිට් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ... බසයේ නාමපුවරුවවත් පේන්නේ නැහැ බොහොමයක් රාත්‍රියේ ධාවනය කරද්දී ප්‍රධාන ලාම්පු අවපාත කරන්නෙත් නැහැ. පිටුපස අංක තහඩු පේන්නෙත් නැහැ ආරක්ෂාව අන්තිමයි. ඊළඟට බස් නැවතුම්පොළවල පුද්ගලික බස් වලින් මුදල් අයකර යැපෙන (කප්පම්කරුවෝ) අයින්කරන්න ඕන ඒක ගසාකෑමක් මිස රැකියාවක් නොවෙයිනේ....
අරවින්ද මොණරවිල Saturday, 10 May 2025 08:08 AM
යමක් කිව්වාම බූක් ගාන්න පුරුදු වෙන්න එපා... ඔය ගොල්ලෝ මේච්චර කාලයක් සුනඛයෝ වගේ සද්ද නැතුව ඕවායේ ලැගලා ගියා නේද? දැන් ඒක වෙනස් කරන්න මිනිහෙක් ඉදිරිපත් වෙන විට ඒ මනුස්සයාට ඔහෙලා අභියෝග කරනවා.
සදුන්Sunday, 11 May 2025 06:57 AM
නියමිත දුරකට නියමිත මිලක් නෑ හිතු හිතු ගණන්. මිල ප්‍රදර්ශනයක් නෑ. වේග සීමාවල් නෑ. මැරෙන්න වේගෙන් යන්නේ මේ ඇමතිලාට මොළෙත් නෑ. වැඩක් කරන්න දන්නෙත් නෑ.. ඉස්සෙල්ලා අවශ්‍ය දේ හදපල්ලා කයිවාරු නොගහ. ඔබලා කරන මෝඩ වැඩ වලින් අපිට ගමේ ඉන්න නෑ.
Nandana Friday, 09 May 2025 06:36 PM
අනේ යන්න මල්ලි යන්න, අපේ ගැමුණු අයියා ඒවට ඉඩ දෙන්නේ නැහැ.
අජිත් Friday, 09 May 2025 07:01 PM
විය යුත්ත සිදුවෙමින් පවතී. බලය තිබියදී එය උපරිමයෙන් පාවිචිචි නොකිරීම, ඉදිරියේදී අවුලකට හේතු නොවෙන්න වැඩ කරන්න...
Tarzan Friday, 09 May 2025 07:15 PM
කන පැලෙන්න සිංදු දාන එක නවත්තන්න පුළුවන් නම් නියමයි...
Channa Friday, 09 May 2025 07:31 PM
ඊට කලින් CTB බස් ටික අතුගාල දෙන්න ප්ලීස්...!
Aru Friday, 09 May 2025 08:48 PM
හා බලමු නවත්තයිද කියලා...? ගස් බමුණා ප්‍රමුඛ බට කණ්ඩායම එක සත්තමක් දැම්ම ගමන් ආණ්ඩුව නෝ කතා...!
Asiri Friday, 09 May 2025 08:50 PM
Powerful LED සහිත ඉදිරිපස ලාම්පු ගලවන්න. Threeweel වල ප්‍රමිතියකින් තොර...
Flashlight Saturday, 10 May 2025 12:05 PM
100 ට 1000000 ක් එකඟයි. පුදුම වදයක් ඩ්‍රයිව් කරනකොට... දැන් පුද්ගලික බස්වලත්, සමහර වෑන්, ජීප්වලත් මේ ලයිට් දාගෙන යනවා.
Smlguna Saturday, 10 May 2025 06:22 AM
හොඳ අදහසක්...!
de silva Saturday, 10 May 2025 06:34 AM
ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන වලින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන කරනු ලබන ශබ්ද දූෂණය වහාම නතර කරන්න කටයුතු කරන්න. රෑට නිදා ගන්න නැහැ. දරුවෙකුට පාඩමක් කරගන්න නැහැ. නගරෙක ගමන් කරන්න බැහැ. කන් පැලෙන්න සින්දු දමන නිසා පාරේ එන වාහනේක ශබ්දයක් වත් වහනේක නලා හඬක්වත් ඇසෙන්නේ නැහැ. හරිම අවදානම් තත්වයක්.., හරියට නින්දක් නැති වුණාම කාලයක් යනකොට මිනිස්සුන්ට මානසික ආතතිය හැදෙනවා. පන්සල, පල්ලිය කියලා වර්ගීකරණයක් අවශ්‍ය නැහැ. කරුණාකර නීතිය ක්‍රියාත්මක කරන්න. කරන්න බැරි නම් මේ ගැන කතා නොකර ඉන්න.
kumara Saturday, 10 May 2025 11:51 AM
තොරොම්බල්කඩ වල රියැදුරන්ගේ සම්පූර්ණ මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් කරන්න. ඒ විවිධ පාට බල්බ් දැල්වීමේ රසය බොහෝවිට දැනෙන්නේ මත් වූ අයටයි.
Sudha Saturday, 10 May 2025 04:43 PM
ඕක කරන්න අර මතුගම පැත්තේ දුරකථනයේ බස් ජගත් ඉඩ දෙන්නේ නෑ. එයා තමයි ඒ පැත්තේ ලොකුම පුද්ගලික බස් හිමියා. ඒ බස්වල තියන විකාර අයින් කරන්න වෙනම පිරිසක් ඕනෑ. හැබැයි මේ නියෝජ්‍ය ඇමැතිලා කිව්වට දැන් බස් ජගත් බිමල් සහෝදරයාට ලංගම බස් හදලා දෙන්න කොන්ත්‍රාත් අරන් ඉන්නේ. ඒ නිසා බිමල් සහෝදරයා බස් ජගත් එක්ක වෙනම ඩීල් යාවි.