(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සහ සංවර්ධන කමිටුවල සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබාදීමට ඉදිරිපත් කරන ලද යෝජනා දෙක කැබිනට් මණ්ඩලය විසින් අද (24) තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යෝජනා දෙකම මීට පෙර අවස්ථා දෙකකදී ද කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයන සඳහා බලපත්‍ර ලබාදීමේ සහ සංවර්ධන කමිටුවල සභාපති ධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා එම කැබිනට් සංදේශ ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි.
යෝජනා දෙක අද (24) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේ ඊට ජනාධිපතිවරයා විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව යෝජනා දෙක කැබිනට් රැස්වීමේදී තුන්වන වරටත් ප්‍රතික්ෂේප වූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර අබේවර්ධන මොකටද මේකට මේ තරම් දඟලන්නේ?
2020 දී යන අමාත්‍ය යකා කොරහා බිඳ ගෙනමයි යන්න හදන්නේ.......
මෙම ඇමතිවරයාට අමතකවීමේ රෝගයක් තිබෙන බව පේනවා. එවැනි අය රටේ පාලනයට තෝරා ගැනීම රටේ විනාශයට හේතුවිය හැකිය.
මේ ගොල්ලන්ට දෙනවා නම් බලපත්‍ර හිමි විශ්රාමගිය රජයේ සේවකයන්ත් බලපත්‍ර දෙන්න. මෙම බලපත්‍ර දෙන්නේ දෙන්නේ ජනතාවට සේවය කරනකොට අවශ්‍ය ගමන් පහසුකම් සපයාගන්න. දැන් මේ ගොල්ල සේවයේ නැතිනම් මේවා දෙන්නේ කුමකටද?
ප්‍රතික්ෂේප කිරීම ගැන ජාතියේ ප්‍රණාමය.. ජනාධිපති, කරුණාකරලා මේ කාලකන්නි ඇමතියන්ට සිංහලෙන් කියන්න තවත් රට කන්න යෝජනා ගේන්න එපා කියලා..
අබාධිත රණවිරුවන් නොසලකා, මේ කැබිනට් පත්‍රිකා වෙනුවෙන් වජිරට තියන කැක්කුම.......
රට විනාශ කරන පළාත් සභා ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි.
මෙයාලට පිස්සු.අපි එදා වේල කන්න හොයාගන්න කන කට්ට මෙයාලා දන්නේ නැහැනේ.
හිටපු අයට ඇයි තීරුබදු රහිත වාහන? අපේ බදු මුදල් වලින් ලක්ෂ දෙකක මාසික දීමනාවක්? ලෝකේ කිසිම රටක මෙවැනි යෝජනා ඉදිරිපත් වෙන්නේ නැහැ.
පිස්සු තමයි.. !!!
මොන පදනමකින්ද මේක නැවත නැවත දාන්නේ? ඇත්තටම මෙයාලට ලැජ්ජාවක් නැද්ද? අනික රට තියෙන තත්වේ අනුව මෙයාලට මොන වාහනද දැන්?
ප්‍රශ්නයක් නෑ.... මල්ලි ජනාධිපති වුණාම ඔය අයට බලපත්‍ර දෙන්න මහින්ද මහත්තයා දැනටම පොරොන්දු වෙලා ඉවරයි.