
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඊට අදාල පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත ලබාදීම අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් වියේ දී ජනාධිපති බාල දක්ෂයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි.
දේශීය මෙන්ම විදේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන් ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර ඇත.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්