
(සුජිත් හේවාජුලිගේ )
ත්‍රිපෝෂ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවසර ලබා දී ඇත.
වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය.
මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය යොමුවී ඇත.
ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙහිදී පැවසූහ
ඒ එම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබීම හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බව එම නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී ඇත
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
Dinesh Saturday, 01 June 2024 07:18 AM
පුදුම ආයතනයක් තමයි මේක. නිෂ්පාදන පමිතිය වැඩ කරනවා වෙනුවට පමිතිය මනින මිනුම් පහත දානවා.. ලමයි ලෙඩ්ඩු වෙනවා...
kotiya Saturday, 01 June 2024 08:39 AM
ඒකනේ කියන්නේ මෙතන. බොරුවට පිස්සු නටනවා. ඔය ඇෆිලටොක්සීන් ප්‍රමාණේ වැඩි කරලා අනුමත කලා නම් මීට කලින් ඉදලම මන්ද පෝෂණේ නවත්ත ගන්න තිබ්බා. මෙයාලගේ මොළේ හරියට වැඩ කරන් නැත්තේ මෙයලා පොඩි කාලේ ඔය ඇෆිලටොක්සීන් වැඩි ත්‍රිපෝශ කාපු නිසා වෙන්නෝන.....