
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අන්තර්ජාලයෙන් සිදු කළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළලසේකර මාවතේ නිවසකට තෙරපීවරයකු වේශයෙන් පැමිණි පුද්ගලයකු වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 20 කට අධික දේපළ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි නාරහේන්පිට පොලිසිය කියයි.
සොරාගෙන ගිය දේපළ අතර දියමන්ති මාලයක්, දියමන්ති කරාබු යුගලක්, විදේශීය මත්පැන් බෝතල් කීපයක් මෙන්ම පවුම් 10 කට ආසන්න රන් භාණ්ඩ ද ඇතුළු දේපල රැසක් වන බව පොලිසිය සඳහන් කරයි.
දෙමහල් නිවසේ 31 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ සමීප මිතුරකු වන 38 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පීයකු පදිංචිව සිටින අතර මිතුරා නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වීම සඳහා එම නිවසින් පිටවී තිබූ බව පොලිසිය කියයි.
එදින වෛද්‍යවරයා පමණක් නිවසේ සිට ඇති අතර ඔහු පසු දින (22) අන්තර්ජාලය ඔස්සේ ශරීරය සම්භානය කර ගැනීම සඳහා තෙරපීවරයකු ඇනවුම් කර ඇති අතර එම පුද්ගලයා පැමිණ එම කටයුතු සිදුකර මඳ වේලාවකදී ඖෂධ කරලක් පානය සඳහා වෛද්‍යවරයා වෙත ලබා දී අනතුරුව මුදල් ලබාගෙන පිට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වෛද්‍යවරයෙක්ද කියා පරීක්ෂා කරන්න. වෛද්‍ය වරයෙක් කවුරුත් දුන්නු කරලක් බොනවද? මෙයා වෛද්‍යවරයෙක් වෙන්න බැහැ..
අන්තර්ජාලයේ දැන්වීම් පළකර නාඳුනන පුද්ගලයින් නිවසට ගෙන්වා ගැනීමෙන් මෙවැනි කරදරවලට මුහුණදීමට සිදුවේ. අන්තර්ජාලයේ තොරතුරු නිතරම සැකයෙන් බලන්න පුරුදුවෙමු...!