(නිමල කොඩිතුවක්කු)
බෝම්බ පිපිරීම හේතුවෙන් මෙතෙක් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා දන්වා සිටී.
ඒ සම්බන්ධව තොරතුරු කොළඹ 10, ප‍්‍රැන්සිස් පාරේ , අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම් දෙන ලෙසද ඒ මහතා සඳහන් කරයි.
එසේම මේ සඳහා පවුලේ ලඟම ඥාතීන් පමණක් පැමිණෙන ලෙසද ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පතෝල මුදලාලි ගැන නම් කිසිම තොරතුරක් නැතිව අපි හිටියේ... මේ ඔක්කොම සිද්ධීන් වෙනකම්ම කොහේ හැංගිලා හිටියද හැබෑවටම...
දැන් මැරුණු අය ගැන හොයනවට වඩා මැරෙන්න නියමිත අය ගැන හොයන්න. සැක හිතෙන අය ගැන, ස්ථාන ගැන, දේවල් ගැන වහාම දැනුම් දෙන්න...