(තිලකරත්න දිසානායක)
සැක සිතන ආකාරයට තරුණයන් දෙදෙනු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක ඇතුළත් කර සුළු වේලාවකින් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තරුණිය රෝහලට බාර දුන් පුද්ගලයන් දෙදෙනා ද ඊට ක්ෂණයකින් රෝහලෙන් අතුරුදහන්ව ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
තරුණයන් දෙදෙනකු මෝටර් රථයකින් රෝහලට රැගෙන ආ එම දැරියට ක්ෂණිකව ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති අතර රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා දැරිය මියගොස් ඇති බවට නිගමනය කර ඇත.
වයස අවුරුදු 15 ක් පමණ වන දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින්තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් තිබී ඇති බවට නිරීක්ෂණය වන බව ද එම ප්‍රකාශිකාව සදහන් කළාය.
දැරිය මියගොස් ඇති බවට වෛද්‍යවරු නිගමනය කිරීමත් සමග රෝගී දැරිය රෝහලට රැගෙන තරුණයන් දෙදෙනා භූමියෙන් පිටව ගොස් ඇති බව පෙනී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් රෝහල් පොලීසියෙන් කළ විමසිමේදී එහි නිලධාරියෙක් සදහන් කර සිටියේ, රෝහල් භූමියෙහි ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කොට අදාල මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගනිමින් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේ CCTV වල මෙයාලගේ දර්ශනය පටිගත වෙලා නේද?
සියලු රෝහල්වලට රෝගීන් ඇතුළත් කරන ස්ථානයේ රෝගියා සමග පැමිණෙන අයගේ පැහැදිලි ඡායාරූප ගැනීමට හැකිලෙසට කැමරා සවිකරන්න. ඒ සමගම රෝහලේ දොරටු ආශ්‍රිතව සවිකරන්න...