(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී පැහැරගත් 23 හැවිරිදි තරුණියක ටිපර් රථයක දමාගෙන  යමින්වේ සිටියදි එය පාලනය කරගැනීමට නොහැකිව  ඇලකට පෙරලීම හේතුවෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ධර්මපුරම් පොලීසිය පවසයි.

ටිපර් රථයකින් ආ පරිසක්  තරුණිය බලහත්කාරයෙන් පැහරගෙන යද්දී ඇගේ පෙම්වත බව කියන තරුණයකු ටිපර් රථය ලුහුබැඳීම හේතුවෙන් ටිපර් රථය අධික වේගයකින් ධාවනය කර ඇත. එහි  රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව වට්ටකච්චි නව පාලම අසලදී ටිපර් රථය  ඇලට පෙරලී ඇත. 

ටිපර් රථය පෙරලීම නිසා පැහැගැනීමට ලක් වූ තරුණිය සහ තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් අයකු මිය ගොස් ඇති අතර බරපතල තත්වයේ සිටි තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.

අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩිලක්ෂණ් නැමති තරුණයකු වන අතර මළසිරුර කිලිනොච්චිය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමුකොට ඇත.

කෙසේ වෙතත් අනතුරින් පසුව ටිපර් රථයේ සිටි රියදුරු පලා ගොස් ඇති අතරම ටිපර් රථය පොලිස් බාරයට ගෙන ඇත.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.