
(යොහාන් භාසුර)
රට මුහුණ දී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සියලුම දෙනා භේද පසෙකලා එකාවෙන් පෙළගැසී මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් කැපවිය යුතු බවත් රට මුහුණදී සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ විපක්ෂයේ සියලු දෙනා එකතු වීමෙන් පමණක් බවත් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.
විපක්ෂයේ සියලු දෙනා පොදු සම්මුතියක් වෙනුවෙන් විශ්වාසන් අත්වැල් බැඳගෙන ශක්තිමත් ප්‍රවේශයක් ලබාගෙන ඉදිරියට යනවාද?
නැතිනම් බියෙන් මුළුගැන්වී තැන් තැන්වලට වී පලා යනවාද? යන්න විපක්ෂයේ සියලු දෙනා දැන් තීරණය කළ යුතු බවත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා වෙනුවට තවදුරටත් තම තමන්ගේ දේශපාලන කදවුර තුළ සිට කටයුතු කරනවාද යන්න තීරණය කළ යුතු බවත් කොළඹ නගරාධිපතිනිය පවසන්නීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂ දෙකක් නොව එකම පවුලකින් වෙන්වී ගිය සොයුරු සොයුරියන්ගෙන් සමන්විත දේශපාලන බලවේගයක් යයි එම පක්ෂවල නායකයන් මතකයේ තබා ගත යුතු බව කීය රෝසි සේනානායක මහත්මිය අවස්ථාවාදී සහ අදූරදර්ශී දේශපාලකයන් රටේ වර්තමානය පමණක් නොව නූපන් අනාගත පරපුරද ඛේදජනක තත්ත්වයකට ඇද දමා ඇති මෙවැනි මොහොතක විපක්ෂයට අතහැරිය නොහැකි වගකීම නොපිරිහෙලා ඉටු කළ යුතු බවත්ය.
ඔබ මහජන නියෝජිතයන් ලෙස පත්කළ ජනතාවට බඩගින්නේ මිය යාමට ඉඩ දෙනවද නැත්නම් ඔවුන් වෙනුවෙන් සාමූහිකව කැප වෙනවා ද යන්න තීරණය විපක්ෂය ගතයුතු බවත් ඉදිරියේදී ඩොලර් බිලියන 7ක ණය ගෙවීමට තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් පීඩාවට පත්වීම වැළැක්විය නොහැකි බවත් කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අවධාරණය කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අරගල කරන ජනතාව ( තරුණයින් ) ඉල්ලන්නෙ කුමක්ද ? ගෝටා ඉවත්වෙනු ! හොදයි ගෝටා ඉවත් උනාට පස්සෙ. ඊලගට එන කෙනාව එහෙමම භාරගෙන අරගලය ඉවරද ? මට හිතෙන හැටියට මෙහි වියයුත්තේ , මේ පවතින ආණ්ඩුවට ඇතිකර තිබෙන පීඩනය තවත් ත්‍රීව කරන අතර විපක්ශයේ කණ්ඩායම් වලටත් මෙයින් පැන යා නොහැකි ලෙස ඔවුන් අසලටත් මෙම විරෝදතාවය ගෙනයායුතුයි. එසේකොට පවතින ව්‍යවස්ථාවේ කරගතයුතු අත්‍යවශ්‍ය සංශෝධන මෙම පාර්ලිමේන්තුව තුලින්ම කරගැනීමයි. රාජ්‍ය මූල්‍ය විගණනයට අදාලව , සියලුම දේශපාලන පක්ශ විගණනය , පාර්ලිමේන්තු වරප්‍රාසාද අවමකිරීම , ජන්දයට ඉදිරිපත්වීමේදී අවම අද්යාපන සුදුසුකම් සහ මැතිවරණ කාලසීමාවකදී නිශ්චිත භාරකාර රජයක් ආදී දේ ඇතුලත් වන කිසිවෙකුටත් වෙනස් කල නොහැකි වන ව්‍යවස්ථා වෙනසක් කරගැනීමට මෙම සියලුම දේශපාලන පක්ශවලට බලකල යුතුය. එවන් වෙනසකට මෙම රජය හෝ විපක්ශ කණ්ඩායම් හෝ එකග වේවිද ? එහෙම කලොත් විතරයි නැවත බලයට එන කවරෙකුට උනත් යහපත් රාජ්‍ය පාලනයක් කල හැකි වෙන්නේ. පවතින ක්‍රමයතුල කවර මට්ටමේ හොද මිනිහෙක් බලයට ආවත් ඔහුවත් හොරෙක් කිරීම පහසුයි. නමුත් අවශය වෙනස්කම් සිදුකරගතහොත් හොරු බලයට නෙපැමිණෙනවා වගේම හොරෙකුට උනත් හොරකම් කිරීමට අ
මෙයා එකතු වෙච්ච වෙලාවල් තුනක් මට හොඳට මතකයි. මුලින්ම කොමන් වෙල්ත් ගේම්ස් කොමිටියට සජින්වාස් මෙයාගේ දුවව පත් කලා ඒ දුවම හොර පාරෙන් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති සේවයට ගත්ත. ඊට අමතරව මහ බැංකු හොරකමට අදාල කොප් වාර්තාව අනවසරයෙන් කාටත් කලින් අර්ජුන් ඇලෝසියස්ගේ අතට පත් කලා. හැමෝම හැමදාම රවට්ටන්න බෑ
රට මේ තත්ත්වයට ගෙනා අසාර්ථක අයත් එක්ක වැඩ කරන්න පුළුවන් ද ? බැහැ නේද කියලා හිතන්න තරම් කල්පනා ශක්තියක් නොමැති වීම ගැන කනගාටුයි.
එක එක බොරු නම් හදාගෙන එන මේ පට්ට හොරු රෑනට අලුත් පරපුරනම් අහුවෙන්නේ නෑ. මේ හොරුන්ගේ බොරුකාර දේශපාලනය මෙතනින් නිමයි.
මේ ගෑණිටත් පනින්න ඔිනවෙලා වගෙයි
ඔන්න මෙයා කියනකම් හිටියෙ... කොහොමත් එයාල වහෙන් ඔරෝ එකතුවෙලා ඉන්නෙ කට්ටියම පැන්ඩෝරා හෙර එක්ක කොක්ටේල් party දාන සෙට් එක බේරගන්න ඔනමනේ ... මම මේ බලන් ඉන්නේ මෙයා අර කියාපු කොළඹ නගරේ green city එකක් කරනවා කුව්වනේ ඉතින් ග්‍රීන් බලින්නේ මේ වගේ මලහොන්තු රටකට කුමටද
ජනතා මුදලින් චීස් ගිල්ල ගෑනියක් ජනතාවගේ බඩගින්න ගැන කතා කරනවා අප්පිරියයි
සල්ලි දීලා ගන්න.