IMG-LOGO

තිරණාත්මක පෙත්සමක් හෙට කැඳවයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම හෙට(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

පළාත් පාලන තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර තමන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමෙහි කරුණු කඩිනමින් තහවුරු කිරීම් සඳහා අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකරනු ලැබුවේය.

එස්.තුරේරාජා සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට නියමිතව ඇත.

විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

රටෙහි පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

 



අදහස් (2)

තිරණාත්මක පෙත්සමක් හෙට කැඳවයි

Channa Sunday, 19 February 2023 11:34 PM

අයහපත් ආර්ථිකය නිසා චන්දය තියන්න බැරි නම්, කවදාවත් ලංකාවට චන්දයක් තියන්න හම්බවෙන්නෙ නැහැ . චන්දයක් තියන්න ඕනෙ ආර්ථිකය හදන්න පුළුවන් අයට රට භාර් දෙන්න.

:       0       0

සමන්ත Monday, 20 February 2023 06:18 AM

මහත්තයා ඡන්දය තියෙන එකට නෙමේ ඕක කරන්න තිබ්බෙ නිදහස් දින සමරුවට විරුද්ධව. ඡන්දය අයිතිවාසිකම් බව අමතකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 665 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site