(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම හෙට(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
පළාත් පාලන තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර තමන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමෙහි කරුණු කඩිනමින් තහවුරු කිරීම් සඳහා අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකරනු ලැබුවේය.
එස්.තුරේරාජා සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට නියමිතව ඇත.
විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
රටෙහි පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයහපත් ආර්ථිකය නිසා චන්දය තියන්න බැරි නම්, කවදාවත් ලංකාවට චන්දයක් තියන්න හම්බවෙන්නෙ නැහැ . චන්දයක් තියන්න ඕනෙ ආර්ථිකය හදන්න පුළුවන් අයට රට භාර් දෙන්න.
මහත්තයා ඡන්දය තියෙන එකට නෙමේ ඕක කරන්න තිබ්බෙ නිදහස් දින සමරුවට විරුද්ධව. ඡන්දය අයිතිවාසිකම් බව අමතකද?