(නිමන්ති රණසිංහ)
ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපි ශිර්ෂ සහ අත්සන භාවිත කරමින් ජාතික තරුණ සේවා සභාවේ පුරප්පාඩු 07ක් පිරවීම සඳහා එහි සභාපතිවරයාට යොමු කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (31) කරුණු වාර්තා කර ඇත.
ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුරාධ විජේකෝන් මහතා කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශණය ආරම්භ කරනු ලැබ ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ ඇති පුරප්පාඩු 07ක් පිරවීම සදහා නම් හතක් ද සහිතව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව මෙම ව්‍යාජ ලිපිය යොමු කර ඇත්තේ ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 06 වන දින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd