
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.
ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන ඇතුව මෙම චෙක් පත් නිකුත් කර තිබූ බවද එහිදී හෙළිවිය.
සභාපතිවරයා බලපෑම් කළ නිසා වියදම් සහතික කළ බවත් එසේ නොකළේ නම් මාරු කරාවි යැයි සිතූ බවත් තරුණ සේවා සභාවේ නිලධාරීහු කමිටුව හමුවේ පැවසුහ.
තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටුකරන ලෙස කෝප් කමිටුවේ සභාපති ෙෙවද්‍ය නිශාන්ත සමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
එවකට මුදල් අධ්‍යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටියද පහළ නිලධාරින් අදහස් ඉදිරිපත් කරද්දී නිහඬව සැඟවී සිටීමට උත්සාහ කිරීම කාරක සභාව නොමඟ යැවීමක් බව එහිදී ප්‍රකාශ විය.
මේ අනුව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි දහයක් ලැබුණු බවයි. සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික නිකුත් කර චෙක්පත් නිකුත් කිරීමට සිදුවූ බවද ඔවුහු සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංවේදී කාරණයක් බවයි.
රජයේ නිලධාරින් බිල්ලටදී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කර ඇති බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ රටකාපු තක්කඩි හැත්තට කඩේ යන හරක් ටික...?
ජොලි සීයාගේ මේ ආර්ථික සංවර්ධනය තව ටික කාලයක් තිබුණා නම් රට ගොඩම ගන්නවා. අවුරුදු තිහ හතලිහක් දේශපාලනේ කරලා ගත්තු අත්දැකීම් වලින් ඉතින් ගොඩම තමයි...!
මිස්ටර් ක්ලීන්...!
මේවා අනාවරණය කරගැනීමෙන් පමණක් වැඩක් නැහැ. වගකිව යුතු සැමට උපරිම දඬුවම් දිය යුතුයි.
රජයේ මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදහසක් නොමැතිව, සෑම කෙනෙකුම පවසන්නේ සභාපතිවරයාට, දේශපාලනඥයාට රජයේ මූල්‍ය රෙගුලාසි හැසිරවිය හැකි බවයි. මෙය සම්පූර්ණයෙන්ම වැරැදියි. රජයේ මූල්‍ය රෙගුලාසියට අනුව, ඕනෑම තනි සමාලෝචනයක් නිකුත් කිරීම සඳහා, සෑහීමකට පත්විය යුතු කරුණු 3ක් තිබේ. සත්‍යාපනය, නිර්දේශය සහ අවසාන සහතික කිරීම්. සභාපතිවරයාට මේවා කළ හැකි යැයි ඔබ සිතනවාද? නැතහොත් ඕනෑම දේශපාලනඥයෙකුට මේ සියල්ල කළ හැකි යැයි ඔබ සිතනවාද? නැත. මූල්‍ය පාලකයා හෝ ගණකාධිකාරීවරයා දැන සිටිය යුත්තේ කුමක් වියදම් කළ යුතුද, එවැනි වියදම් අවශ්‍ය වන්නේ ඇයි? කිසිඳු දේශපාලනඥයෙකුට හෝ සභාපතිවරයෙකුට තනි අත්සන අධිකාරියක් නොමැත. ඒ නිසා මම කියන්නේ රජයේ සේවකයාගේ සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය නොමැතිව කිසිඳු මූල්‍ය වංචාවක් කළ නොහැකි බවයි. සමහර දේශපාලන වහලුන් හෝ වෘත්තීය සමිති මෙය මෙය සහ එම සභාපතිවරයා විසින් සිදු කරන බව පැවසිය හැකියි, නමුත් අවසාන විශ්ලේෂණයේ දී, ගණකාධිකාරීවරයා සහ විගණකවරයා වගකිව යුතුයි... නැතහොත් සමස්ත කළමනාකරණ මණ්ඩලය වගකිව යුතුයි. විකාර කතා නොකරන්න. ජනාධිපතිවරයාට මේවා උපදෙස් දිය නොහැකිය.. ඔහු පවා මේවා ප්‍රතික්ෂේප කළ යුතුයි.
ජනතා බදුමුදල් මේ විදියට නාස්තිකාර වැඩවලට වියදම් කරන්නේ නම් ජනතාව රජයට බදු ගෙවීමට අකමැතිවීම පුදුමයක් නොවේ. රජය යම්යම් ව්‍යාපෘති සඳහා කරන වියදම්වල විනිවිද භාවයක් අවශ්‍යයි. ඒ සඳහා තනි මතයකට නොව පිළිගත් ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතුයි.
ජනාධිපතිවරණයට පෙරදින වියදම් සහතික කළා වුණත් එයට පෙර බලයදීම අනුමත කිරීම කර තියෙන්න ඕනෑනේ සහතික කිරීම තෙවැනි පියවරනේ... මුදල් අධ්‍යක්ෂ කියන්නේ අවසාන අදියර එනම් ගෙවීම් කරන නිලධාරි තැනනේ.. සාමාන්‍යයෙන් ස්ථාන මාරුවලට බයේ රාජකාරි කරන කිසිවෙකුට ජනතා මුදලිත් වැටුප් ගෙවීම නම් සුදුසුම නැහැ.
මේ අයට එරෙහිව වංචාව යටතේ නඩු පවරන්න. කෝප් නිර්දේශ උසාවි දක්වා යාමට හැකිවන සේ නීති හදන්න. සජබෙ බුරන අය මෙතැනදී නිහඬ ඒ අයගේ අනාගත නායකයා රනිල් නිසාද?
ඔන්න පලපුරුදු රනිල්ගේ වැඩ. ආයෙත් එන්න හදන්නේ අපේ බදු සල්ලි ටිකට කෙළින්න තමයි.
කෙට්ටු කාන්තාව සාක්ෂි දෙද්දී සභාපතිවරයා ( ඔහු දේශපාලුවෙක් වගේම මූල්‍ය නීති නොදන්න අයෙක් මෙහිදී ඔහුගෙන් වියදම් කිරීම ගැන ඇසීමත් වරදක් වෙනවා) ගණන්දීමේ නිළධාරි ලෙසට හැදින්වීම ඇත්තක් නම් එයම මුදල් අවභාවිතා කිරීමට රිලවුන්ට ඉනිමං බැන්දා වගේ වැඩක් තමයි.නොපමාව එම වරද නිවැරදි කළ යුතුය
නිලධාරීන්ට වුණත් දඬුවම් දෙන්නේ නැතිනම්, ඔයවගේ දේවල් හැමදාම වෙනවා. අඩුගානේ වසර 2ක්වත්, ජේල් එකට යවන්න ඕනෑ. නැතිව මේ රට හදන්න බෑ.