
(අංජුල මහික වීරරත්න)
වසර තුනකට පසු ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල නැවතත් අද (06ද) ආරම්භ කෙරිණි.
නව මාසික පුහුණු පාඨමාලාවක් ලෙස මෙම නාට්‍ය පාසල ක්‍රියාත්මක වීමට නියමිතය. නාට්‍ය පාසලට ඇතුළත් වූ අභ්‍යාසලාභීන් සඳහා නේවාසික පහසුකම් සහ ආහාර දීමනාවක් ලබා දෙන බව තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාව නව විෂය නිර්දේශයක් යටතේ ක්‍රියාත්මක වේ. එහිදී නාට්‍ය ක්ෂේත්‍රයට අදාළව සියලුම අනුශාංගික අංග ආවරණය වන පරිදි විෂය මාලාව සකස් කර ඇත. එමෙන්ම මෙහිදී ඉංග්‍රීසි භාෂා පුහුණුව ද ලබාදීමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ සාම්ප්‍රදායික නාට්‍ය පාසල වෙනුවට, නාට්‍ය සාමූහිකයක් නිර්මාණය කරන බවයි.
තනිව ගොඩනැගෙනවා වෙනුවට සමූහයක් ලෙස ගොඩනැගීමට අවශ්‍ය පරිසරය එතුළින් නිර්මාණය වන බවත්, පවතින සමාජය වෙනස් කළ හැකි නිර්මාණකරුවන් බිහි වේ යැයි අපේක්ෂා කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ දී දිස්ත්‍රික්ක විසි පහ පුරා නාට්‍ය වැඩමුළු පවත්වා දක්ෂයින් හඳුනා ගනිමින් ප්‍රවේශය ලබාගත්තේ නාට්‍ය පාසල වෙනුවෙන් බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd