(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව සිටි " තෝර්" නැමැති කේසර සිංහයා සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇවිද යාමටද පටන් ගෙන ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
සිංහයා දිනකට මස් කිලෝ නමයක් පමණ කෑමට ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණු කොටියාගේ තත්ත්වයද සාමාන්‍ය අතට හැරී ඇතැයි ඔහු වැඩිදුරටත් කීය .
කොවිඩ් ආසාදනයවීමෙන් "තෝර්" ගේ ජීවිතය දැඩි අවදානමකට පත්වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි බළල් පවුලේ දරුණුම සතෙක් තමයි.. ඒක තමයි සොබාධර්මය...