
(යොහාන් භාසුර)
හිමිකරුවන්ට සහ සේවකයන්ට බලපෑම් එල්ල වීම නිසා ඉන්ධන පිරවුම්හල් 40 ක් පමණ වසා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
වසා ඇති බොහෝ ඉන්ධන පිරවුම්හලවල සේවකයන් බිය ගන්වා ඉන්ධන ලබාගැනීමට උත්සහ කිරීම නිසා පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් වසා දැමීමට පියවර ගත් බවත් එම පිරවුම්හල්වලට ඇනවුම් කළ ඉන්ධන තොග අවලංගු කර කළ බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නවලට මුල ඉන්ධනහල් හිමියන් ඉන්ධන මිල වැඩිකරන අවස්ථාවේ අධික ලෙස ලාභ ලබාගැනීමට කටයුතු කිරීම.. ආණ්ඩුව ඉන්ධන මිල වැඩිකිරීම ඉන්ධන නොමැතිව ඉන්දනහල් වසාදමා තිබෙන අවස්ථාවේ කළා නම් මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ නැහැ. මේකෙන් පෙනෙන එක ප්‍රවණතාවයක් තමයි විශාල පීඩනයකින් සිටින ජනතාව සුළු දේකටත් දරුණු ලෙස කිපෙන බව. එම නිසා රජය ඇමැති මණ්ඩලය ඔලුගෙඩි මාරු කරමින් ජනතාවට කොකා පෙන්වීම නතරකර, නිසි ක්‍රියාමාර්ග ගෙන ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතුය. බැරි නම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනේ...