තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
ජීවන වියදම් කමිටුවේ පෙරේදා (23) පැවැති රැස්වීමේ දී තිරිඟු පිටි සඳහා මිල සූත්‍රය සකස් කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊළඟ කමිටු රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිතය.
ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මිල ඉහළ යාමක දී තිරිඟු පිටි මිල වැඩිවන හා තිරිඟු ඇට මිල පහළ යාමකදී තිරිඟු පිටි මිල අඩු කිරීම මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
තිරිඟු පිටි කිලෝවක පාලන මිල වශයෙන් නියම කර ඇති රුපියල් 87 මිල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි වගේ රටවල හාල් පිටි වැනි මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යම අහර පිටරටින් වැඩි ගානට ගෙනැල්ලා මිනිස්සුන්ට ගැලපෙන අඩු පාලන මිලකට පරිභෝගිකයින්ට ලබාදෙනවා. උඹලා 225 දෙනාගේ වරප්‍රසාද කපලා හරි ආහාර මිල පාලනයකට යටත් කරලා ලාබෙට දීපල්ලා. නැත්නම් හිතන්න එපා ඔබලාට ඡන්දෙ ලබයි කියලා. මේ රටේ සාමාන්‍ය වෘත්තිකයින් හා අසරණ මිනිස්සු ජීවත්වෙන්නේ මැරෙන්න බැරුවට බව ඔබලාට වැටහෙන්නේ නැහැ.
මේ විදිහට වැඩ කරන්න මොකටද රජයක්? මොනවටද බදු ගහන්නේ? කෝ පරිපාලනය? හොරකම් කරලා, පිස්සු නටලා, රට වනසලා දැන් හැම තැනටම සූත්තර...
මිනිස්සු එදාවේල හොයාගන්නේ කොහොමද කියලා නැහෙනවා. මිල සූත්‍රයක් ගෙනැල්ලා රටේ ජීවන වියදමට සාපේක්ෂව ඔය 225 ගසාකන ධනස්කන්ධයට..
මිනිසුන්ට දෙන වදයට හොඳක්නම් වෙන්නේ නැහැ. ලජ්ජා නැතිව ඡන්දෙ ඉල්ලගෙන මෙදා පාර ආවදෙන්කෝ
එක්වන්න රොක්වන්න එක පෙලට ඉදන් හූ කියන්න ගල් ගසන්න 225 ටම එකෙක්වත් නෑර