
(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් හදිසියේ මියගොස් ගොඩ ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ සාම්පල් ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතනය වෙත යොමු කළ බව දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .
අදාළ සිද්ධිය සැලවීමත් සමඟ නාවික හමුදාව, වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එක්ව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකළ බව දිසාපතිවරයා කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල මසුන් දඩයමේ යනකොට කුඩා මසුන් රංචු පිටින් එතනින් ගැලවෙන්න උත්සාහ දරනවිට ගොඩබිමට ගහන වෙලාවල් තිබෙනවා. මුහුදු රැල්ල එක්ක එහෙම මසුන් ගොඩබිමට එනවා.