
(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය කොටුව පුරාවිද්‍යා ස්ථානය සහ කෝනේෂ්වරම් දෙවොල අසල මුහුදු ප්‍රදේශයේ පූර්ණ ගවේෂණයක් පසුව, කැණීමක් සිදු කර දිය යට පවතින පැරණි ප්‍රතිමා හා පුරාවිද්‍යාත්මක ස්මාරකයන් ගොඩබිමට ගෙන ඒමට සහ කෝනේෂ්වරම් දෙවොල වෙත පැමිණෙන බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනාමාන කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කරයි.
ත්‍රිකුණාමලය කොටුව සහ දෙවොල පවතින භූමි ප්‍රදේශය සංස්කෘතික සහ දේශීය විදේශීය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, අවිධිමත් ලෙස සකසා ඇති වෙළෙඳසල් විධිමත් වැඩපිළිවෙලක් යටතේ යළි ස්ථාපනය කිරීම, වායු දුෂණය අවම කිරීම සහ බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් බස් සේවාවක් ආරම්භ කිරීම ඇතුළු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය කටයුතු සුදානම් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ත්‍රිකුණාමලය කොටුව පුරාවිද්‍යා ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීමෙන් පසුව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොඳයි. ඔතන මුහුදට දාලා ගල්වලින් වහපු බුද්ධ ප්‍රතිමාවක් තියෙනවනේ.. ඒකත් ගොඩ අරගෙන අර විහාරයේ තැන්පත් කරලා නිසි ගෞරවය දෙන්න.