(වසන්ත චන්ද්‍රපාල සහ නයනජිව බණ්ඩාර)

අම්පාර තිරික්කෝවිල් පොලිසියේ  නිලධාරීන් සිවු දෙනකුට වෙඩි තබා ඝාතනය කර තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනකුට මරණීය තුවාල සිදු කළ, සිද්ධියේ සැකකාර පොලිස් සැරයන්වරයා ලබන 22 දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අක්කරපත්තු මහේස්ත්‍රාත් එම්.එම්.එම්. හම්සා මහතා නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ  සියඹලානඩුව ඇතිමලේ පදිංචි දිනේෂ් රවීන්ද්‍ර කුමාර නමැති  පොලිස් සැරයන්වරයෙකි

නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් ඇති වූ සිත්තැවුලක් නිසා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව අධිකරණයේදී කියැවිණි.

මෙම වෙඩි තැබීමෙන් බිබිල සේරමපිටකුඹුර පදිංචි පොලිස් කොස්තාපල්  කසුන් ප්‍රබුද්ධ ගුනසේකර, සියඹලාණ්ඩුව ගඟහැර පදිංචි කොස්තාපල් රියැදුරු තුෂාර හේමන්ත පුෂ්පකුමාර, අක්කරපතුතු පාඩිරිප්පු පදිංචි පොලිස් කොස්තාපල් කනගරත්නම් නවිනන් හා අම්පාර ඔලුවිල්  සේනාවඩි පාර පදිංචි පොලිස් සැරයන් මොහොමඩ් අබ්දුල් කාදර් යන සිව් දෙනා මියගොස් ඇති අතර අක්කරපත්තු පොලිස් ස්ථානාධිපති ඇතුළු සිවු දෙනෙක් තුවාල ලබා ඇතැයි අධිකරණයෙදී කියැවිණි.