IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තුර්කි භූ කම්පනයට මැදි වූ ලාංකික කතක් ගැන සොයයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තුර්කියේ භූමි කම්පා මාලාව ඇති වූ ප්‍රදේශ වල සහ ඒ අසළ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් 16 දෙනකු සිට ඇති බවත් ඉන් 15 දෙනකු මේ වන විට තුර්කි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඇති බවත් තුර්කි තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ 16 වෙනියා කාන්තාවක් බවත් භූමි කම්පාවට ලක්ව කඩ වැටුණු ගොඩනැගිල්ලක ඇය ජීවත්ව ඇති බවත් හසන්ති දිසානායක මහත්මිය පැවසුවාය. ගොඩනැගිල්ල කඩ වැටෙන අවස්ථාවේ ඇය එම ගොඩනැගිල්ලේ සිට නොමැති බවට සැක පළ කරන බවත් ඉස්තාන්බුල් නුවර සිටින ඇයගේ දියණිය හා සම්බන්ධ වුවත් තවමත් එම කාන්තාව සිටින ස්ථානය දැනගැනීමට නොහැකි වී ඇති බවත් දිසානායක මහත්මිය සඳහන් කළාය.සම්බන්ධ කර ගැනීමට නොහැකි වී සිටින කාන්තාවගේ ජංගම දුරකථනයද ඇය සතුව නොමැති බවට අනාවරණය වී ඇතැයි දිසානායක මහත්මිය පැවසුවාය.

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය වෙතොත් හෝ තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පහත සඳහන් දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව දිසානායක මහත්මිය පැවසුවාය.

00903124271032

00905344569498



අදහස් (0)

තුර්කි භූ කම්පනයට මැදි වූ ලාංකික කතක් ගැන සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site