(නිමල කොඩිතුවක්කු)
ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රි රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමෙන්ම රටේ ජාතික ආරක්ෂාව පත්ව ඇති තත්ත්වය පැහැදිලි වන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව ලීසින් සහනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීම හේතුවෙන් සුනිල් ජයවර්ධන මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බව ද හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ දි අද (11) m%කාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.
සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලුම පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කර වහාම දැඩි දඬුවම් පමුණුවන ලෙසද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අප්‍රේල් 21...
කොහොමත් මෙයාලා මළ මිනියක් හොය හොයානේ හිටියේ... විකුණගෙන කන්න..
ඔව් ඔව්..., ඔයාලගේ කාලෙ ආරක්ෂාව ඉහළින්ම තිබුණනේ. කටින්ද දන්නෑ කතා කරන්නේ...
මෙම සිදුවිම සිවිල් ආරාවුලක් නිසා ඇති වූවක්... එය ජාතික ආරක්ෂාව හා බැඳෙන්නේ කෙලෙසද?
අප රජයට කඩේ යන අය නොවෙයි... ඒත්, මේක වාහන උස්සන සීසර්ලගේ වැඩක්... මේක දේශපාලන වාසි ගන්න බැරි දෙයක්.
ප්‍රවීන විශ්ලේෂක අාවා.. ජනපති, අගමැති තනතුරුවලට වඩා ඒ තනතුර තමයි හොඳ...
අනේ බොල... එ්ක මිනීමැරුමක් වුණාම රටේ ආරක්ෂක තත්වය විමසන කොට, අප්‍රේල් 21 බෝම්බ පුපුරලා සිය ගාණක් මැරෙනකොට කොහෙද හිටියේ? ඔය විදියටම අර බෙල්ල තදකරලා මරපු කලු මිනිසාගේ සිද්ධියෙනුත් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිරිහිලා කියලා ට්‍රම්ප්ටත් ලියුම් කෑල්ලක් යවපං... ඒ වගේම බෝඩ් ලෑලි ටිකක් අල්ලං ඇමරිකන් ඇම්බසිය ලග උද්ඝෝෂණයකුත් කරන්න මයෙ පුතේ...
ඊයේ එහා ගෙදර රණ්ඩුවක් වෙලා මනුස්සයා බීලා තමන්ගේ නෝනට තුවාල වෙන්න ගැහුවා.. බලන්න රටේ ජාතික ආරක්ෂාව පල්ලෙහාම වැටිලා තියෙන හැටි.. මේ වගේ පොරක්ද රටේ විපක්ෂ නායක වුනේ? කට ඇරියොත් විනාශයක්ම තමයි. මීට වඩා හොඳට තාර්කිකව කරුණු කාරණා ගලපලා කතාකරන්න අටේ පංතිය පාස් වුණු ළමයෙක්ට පුළුවන්..
හැම මගුලෙන්ම දේශපාලන වාසි ගන්න ගිහින් නිකං නෝන්ඩි වෙනවා...
අපේ අනා(ගත්) අගමැතිතුමාට ජයවේවා..!!!
මෙවන් ප්‍රකාශවලින්ම තේරෙනවා මෙතුමා රටක් පාලනය කිරීමට මොනතරම් නුසුදුසුද කියලා...?
අනේ යන්න. බොලාගේ අප්පොච්චා හිටිය කාලේ ඔය ජාතික ආරක්ෂාව කියන එක කොහෙද තිබුනේ...?
ඇත්ත.. ඇත්ත.. ජාතික ආරක්ෂාවේ දුර්වලකම නිසා ඉස්කෝල ළමයි දෙනේනෙකුත් ඉන්නවා.. ඔලුව ඇත්තමට බැලුවොත් නරකද? මෙහෙව් කෙනෙක්ද? මේ ගොයියෝ රටේ අගමැති කරන්න හදන්නේ...?
උඩ කමෙන්ට් කරලා තියෙන අයටත් ලීසිං සහනයක් ලබාගන්න පුළුවන්... ජනාධිපතිතුමාට කියලා..
එ්කෙත් හැටි, කමෙන්ට් ඔක්කොමගෙන්ම උපන්ගෙයි මෝඩයට "මෝඩයා" කිව්වට පොර පැන්නේ නැහැනේ, අනේ ඇත්තටම මේ වගේ වාහෙලද මේ කවුන්සිලේට ගිහින් "ජනතාව වෙනුවෙන් මැරෙන්න" රට බාරගන්න පොරකන්නේ...?
මෙයා කියන විදිහට රට කරන්න නම් රටේ හැමෝම පොලීසියට ගන්න ඕනෑ. බීලා ගෙදර එන මිනිහට ගෙදර ගෑණි පොල්ලෙන් ගැහුවත් ජාතික ආරක්ෂාව... අයියෝ...
කියයි මිහිරි කතා.. මම ප්‍රේමගේ පුතා.
සජිත් ඔයා දවසින් දවස ඔප්පුකරලා පෙන්වනවා... මේ රටේ මහජනතාවට කොච්චර බොලඳද කියලා.
මටත් මේ ගැන ලියන්න ඇඟ නලියන නිසා බැලුවා. අදහස් වලින් පේනවා අපේ ජනතාවට හොඳ මතකයක් සහ හොඳ අවබෝධයක් තියෙන බව... මට ලියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. හැමෝම හැම දෙයක්ම පැහැදිලිව කියලා තියෙනවා.
ජාතික ආරක්ෂාව කියන වදනේ තේරුම කවුරු හරි මෙයාට කියලා දෙන්න. රටට බලපාන අනතුරක් වීම සහ කීපදෙනෙකු බහින් බස් වී සිදුවන මිනීමැරුම යන දෙකේ වෙනස දන්නේ නැති කෙනෙක් අගමැති කමට දාන්නේ මේ පක්ෂයට වෙන මොලයක් තිබෙන අය නැද්ද?
රජය ලීසිං ගෙවන්න ඕන නෑ කිව්වා. බොහෝමයක් මිනිස්සුත් ඒක විශ්වාස කරලා ලීසිං නොගෙවා හිටියා හෝ කල් ගත්තා. ලීසිං ආයතන වලින් කියන්නේ අපිට එහෙම එකක් නීත්‍යානුකූලව දැනුවත් කරලා නෑ ලීසිං ගෙවන්න වෙනදා වගේම කියලා. පැහැදිලිව ආන්ඩුව වගකිවයුතුයි මේ සිදුවුණු සිද්ධියට.
මේක අප්පගේ නමත් කනවා. ගොන්කම ඇඟ පුරාම..
මෙයාට තාත්තගෙයි?කියලා කිසිවක් ගෑවිලා නැහැ... මුළු ශරීරය පුරාම තියෙන්නේ අම්මගේ මොලේ... මෙයාගේ වටේ ඉන්න මොලේ තියන අය එකඑක්කෙනා ලිස්සලා යනවා. ඡන්දෙ දවසට මෙයයි, පෙන්ත කොස්තයි විතරයි ඉතුරුවෙන්නේ.
විනෝද සමය ඇරඹුණා..! අවර්ණ මොලයක් ඇති රටට ආදරයක් ඇති ඕනෑම කෙනෙකුට හිනාවී තරවිය හැකියි...
ඇදගෙන නානවා ඉවරයක් නැහැ. අපේ වාසනාවට මෙයා ජනාධිපති නොවුනේ. පාස්කු ප්‍රහාරය මෙයාට අමතක වෙලා.
මොලේ තරම පේනවා.. ජාතික ආරක්ෂාව ගැන ඉගෙන ගෙන ඉන්න.
පියාගේ අඩිපාරේ යන ඔබට මතකද ජාතික ආරක්ෂාව කෙසේ වෙතත්, අපේ ආරක්ෂාවත් ඒ කාලේ සලසා ගත්තේ බොහොම අමාරුවෙන් බව...
තෙල් මිල රුපියලක් ඉහළ දැම්මොත් ස්ට්‍රයික් කරන ත්‍රීවිල් රියැදුරු මහත්වරු තමන්ගේ සාමාජිකයෙකු ගැන කතා කරන්න ගිය සභාපති මරලත් සද්දයක් නෑනේ..
වචනයක්, වචනයක් ගානේ බුද්ධිය වෑහෙනවා අප්පා!... පෙනේද ජාතික ආරක්ෂාව ගැන තියෙන දැනුම...
අනේ යන්න... රටෙ 300ක් මැරුණේ ඔයාලගේ ආරක්ෂාවෙ හොදකම නිසාද?
ඔව් ඔව් සජිත් ඔබහරි කියලා ස්වාමි පුරුෂයාගෙන් ගුටිකාපු ගැහැණු කෙනෙකුත් කීවා. එයා ගුටිකන්නේ රටේ ජාතික ආරක්ෂාවේ නැති නිසාලු?