IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තීරු බදු අඩුකර ගනන පිරිසක් යළි ඇමෙරිකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අනිද්දා (18) ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද ප්‍රකාශ කළේය.

වොෂින්ටන් නුවරදී මෙරටට පනවා ඇති සියයට තිහක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස උපරිම උත්සාහ කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සිදු කරන සාකච්ඡාවලදී දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව ද සොයා බලනු ඇතැයි හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළු පිරිසක් අයත්වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

ජනපති ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට සියයට 44ක තීරු බද්දක් පැනවීමට යෝජනා විය. එය පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සාකච්ඡා මේසයට පැමිණීමට කාලය ලබාදෙමින් දින 90 ක සහන කාලයක් ලබාදුන්නේය.

සහන කාලය තුළදී ශ්‍රී ලංකාව සක්‍රීයව ඇමෙරිකානු වෙළඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටකට ලබා දුන් වැඩිම තීරු බදු ප්‍රතිශතය අඩු කිරීම ශ්‍රී ලංකාවට ලබා දෙමින් දින 90 ක සහන කාලය අවසානයේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සියයට 30 තීරු බද්දක් පනවනු ලැබුවේය.

 



අදහස් (6)

තීරු බදු අඩුකර ගනන පිරිසක් යළි ඇමෙරිකාවට

ගුණරත්න Tuesday, 15 July 2025 10:36 PM

දුක පෙන්නලා හිඟා කන්න යනවා කියල විපක්ෂේ ඉන්න කාලේ නම් ඕව විවේචනය කළා, අපි නම් එහෙම කියන්නේ නැහැ මොකද දාස් ගානක් රස්සා අනතුරේ නිසා. නමුත් සමහර ඇමතිලා නම් කිව්වා මේක හොද අවස්තාවක්ලු. උන්ගෙන් ඉස්සෙල්ලා ඒ ගැන ඇහුවා නම් හොඳා

:       1       13

චන්දන Wednesday, 16 July 2025 04:47 AM

මේ සන්චාරයට සුනිල් හදුන්නෙත්ති ,වසන්ත සමරසින්හ තුමන්ලාද සුදුසු බවට යෝජනා කරමි

:       3       11

sugath Wednesday, 16 July 2025 06:35 AM

වදින්නම් විජිත රත්තරනේ, ඔයයි හදුන්නේත්තියි යන්න නම් එපා. Trump ලොක්කා තියෙන තීරු බද්දත් දෙගුණ කරලදෙයි ඔයාලගේ ඉංගිරිසි ඇහුවම.

:       1       14

යෝගා Wednesday, 16 July 2025 08:08 AM

හිටපු සියලු ඇමතිලා හොරු, දූෂිතයො කියල ලේබල් ගහපු ආණ්ඩුව දැන් හිටපු ඇමති කෙනෙක් ඉස්සර කරගෙන සාකච්ඡා කරන්න යනවා. ඇයි මාලිමාවේ මේ වගේ දෙයක් කරගන්න තරම්වත් වැඩ්ඩෝ ඇත්තෙම නැද්ද?

:       3       14

අරවින්ද මොණරවිල ඩෝබිWednesday, 16 July 2025 11:22 AM

අයියෝ යෝගා, දන්නේ නැත්නම් අහගන්න. මහින්ද සමරසිංහ ඉන්නේ අපේ වැඩ්ඩො සෙට් එකට... එහෙදී කෑම බීම ඉඳුම් හිටුම් සප්ලයි කරන්න. පැලවත්තෙන් අපිට කිව්වේ එහෙමයි...

:       1       8

වෑල්ඩින් ආචාර්ය Wednesday, 16 July 2025 09:04 AM

ඇයි අඩු කර ගන්න යන්නේ. මාලිමා ෆෑන්ස්ලා රතිඤ්ඤා පත්තු කරලා කිරිබතුත් කෑවා 30% ශෝක් කියලා. ඒක අඩු කරලා දුන්නෙත් මහින්ද සමරසිංහලු. මාලිමා මහාචාර්යවරු ගියා නම් 44, 88% ට වැඩි කරලා කනටත් ගහලා එවන මට්ටමක්ලු තියෙන්නෙ. උඩ දාගෙන ඡන්දෙ දුන්න පුන්නක්කු ජෙප්පොන්ට සතු‍ටු ඇති දැන්.

:       3       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site