තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම් නිර්මාණය වී ඇත. ඒ, දෙරට දේශසීමාවේ සිදුවුණු ප්‍රහාරවලින් අනතුරුවය.
කාම්බෝජ හමුදා බර අවිවලින්, දේශසීමාවේ තායිලන්ත හමුදා ඉලක්කවලට පහර දුන් බවත්, එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනකු මියගොස් තායිලන්ත සොල්දාදුවන් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා විය.
කාම්බෝජයෙන් ප්‍රහාර එල්ල වෙද්දී, තායිලන්ත ගුවන් හමුදාව ඔවුන් සතු ‘එෆ් 16’ වර්ගයේ ප්‍රහාරක යානා 6 න් එකක්, පිටත් කර හැරිය බවත්, එම ප්‍රහාරක යානය, කාම්බෝජයේ හමුදා ඉලක්කවලට බෝම්බ හෙලූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර, තායිලන්ත කාම්බෝජ දේශසීමාව මුළුමනින්ම වසා දමා ඇති බවත්, දෙරට අතරේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අවසන් බවත් පැවැසෙයි. ආත්මාරක්ෂාව සැලකිල්ලට ගනිමින්, තායිලන්තයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නැයි කාම්බෝජ ආරක්ෂක අමත්‍යාංශය එරට හමුදාවට උපදෙස් දී ඇත.
(ඒ.එෆ්.පී.)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තායිලන්තයත් කාම්බෝජයත් ඇවිලෙයි
Gayan Thursday, 24 July 2025 11:56 AM
අලි මදිවට හරක් කිව්වලු...