
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේය.
ඇත් දළ පොළවේ ගෑවෙන තෙක් වර්ධනය වී තිබීම හේතුවෙන් මුතු රාජාට දෛනික කටයුතු කරගෙන යාමට අපහසුතාවයක් මතුව ඇති බවත් එහෙයින් දෛනික කටයුතු පහසු කිරීම සඳහා දළ දෙකේ දිග අඩු කිරීමට මුතු රාජා රඳවා සිටින තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන් යෝජනා කර ඇති බවත් පැවැසෙයි.
එසේම දිගින් දිගටම ඇත් දළ වර්ධනය වීම හේතුවෙන් මුතු රජාගේ බෙල්ලට එම බර දරා ගැනීමට අපහසු වනු ඇතැයි පශු වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙන බවද සඳහන් විය.
ඇත් දළ දෙකේ බර හේතුවෙන් මුතු රාජා බෙල්ල පහත් කරගෙන ගමන් කරන බවද පශු වෛද්‍යවරු පැවැසූහ.
තුවාල ලබාසිටි මුතුරාජා ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය වසරේ ජූලි මාසයේදී තායිලන්තයට රැගෙන එනු ලැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි අරන් ගියේ..!
අපේ අය වගේ නෙවෙයි.. ඒ මිනිස්සු සතා ගැන හොඳ හෙවිල්ලෙන් ඉන්නේ. අපේ අය සල්ලිවලට, දේශපාලනයට වැඩ කරලා තමයි. ඒ සතා අමාරුවේ දැම්මේ.
මුතූ ලංකාවේ හිටියා නම් මෙලහකට මරලා, ගජමුතුත් හොරකම් කරයි.