( පුෂ්පකුමාර ජයරත්න )
කොවිඩ්19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව තායිලන්තයේ බැංකොක් නගරයේ රැඳී සිටිමින් ආහාරපාන සපයාගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින එරට සංචාරය සඳහා , ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් හට නොමිළේ ආහාරපාන සැපයීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපන ශාලාව වන මානෙල් ලංකා රෙස්ටුරන්ට් ආයතනය ඉදිරිපත්ව සිටියි.
මේ ආකාරයට ආහාරපාන අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සිටී නම් පෙරවරු 10.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව තැබෙන මානෙල් ලංකා ආපනශාලාව වෙත පැමිණ ආහාර පාර්සල් නොමිලේ රැගෙන යා හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙස්ටුරන්ට් එකේ ලිපිනය දාන්න
" එකම ලේ... ඇත්ත සිංහල, දෙමල, මුස්ලිම්, ජා මැලේ බර්ගර්... මේ රටේ ඉපදුණු ශ්‍රී ලාංකිකයින්ගේ ලෙයට ලෙය කකියන ගතිය එලෙසමයි..." ස්තුතියි ... බොහොමත්ම ස්තුතියි මානෙල් ලංකා ව්‍යාපාරය හිමි මහත්මයාට සහ එම මහත්මියට...
ලොකයේ කොහේසිටියත් අපි ලාංකිකයන් ඔබට ජය !! සහ නිරෝගී සම්පත ලැබේවා...!!
සෑම් අර දුරකථන අංකය තියෙන්නේ.
ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක්... දියුණුවෙන් දියුණුවටම පත්වේවා...!!!
සිංහල ජාතිය කොතනත් පිනට ඉදිරියෙන් ඉන්නේ... තායිලන්තයෙත් එහෙමයි. ඔබ සැම ත්‍රිවිධ රත්නයේ පිහිටයි.. ආරක්ෂාවයි...
ගූගල් මැප් එකේ සර්ච් කරන්න...
ඒ තමයි නියම ශ්‍රී ලාංකීය ගුණය.. වෙන කුමන රටේද නොමිලේ අාහාර පාන ලබා දෙන්නේ.. විශිෂ්ටයි..
සින්හල කෑම හරිම රසයි. මමත් කාල තියෙනවා
ස්තුති , ඉතා අගනා ක්‍රියාවක්, මම මේ යුවල ගැන කියවල තිබෙනවා , හරිනම් රජය විසින් මේ මනුෂ්‍යයෝ ලංකාවට පැමිණි වෙලාවක මොවුන්ගේ සේවය අගයල පදක්කමක් සහ සහතිකයක් දෙන්න ඕනේ...
එම ආයතනය ලාංකික පිරිස වෙනුවෙන් සිදුකරණ මහඟු සමාජ සත්කාරය අගයමු. එම ආයතනයේ හිමිකරුවන් හට හා සේවක පිරිසට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ ප්‍රණාමය! ඔබ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!
ඉතා හොද දෙයක්.
මමත් මේකෙන් කාලා තියෙනවා. තායිලන්තයට යන අය සිංහල කෑම වේලක් කන්න යන්න. ඉතා හොද සේවයක්. උපදෙස් ගන්නත් හොදයි. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ජයෙන් ජය !