(බී.ජි. චතුරංග සහ දයාරත්න ඇඹෝගම )

ඔයාමඩුව , කදුරු පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී  පුද්ගලයෙකු ඝාතනය කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔයාමඩුව පොලිස් වසමේ ඇලපත්ගම  කදුරු පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 සහ 44 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. 

පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි, පුංචි බණ්ඩාගේ පේමරත්න නමැති 45 හැවිරිදි  පුද්ගලයෙකි. 

මරණකරු රාජාංගනයේ සිට ඔයා මඩුව ප්‍රදේශයට පැමිණ රැකියාව ලෙස ගවයන් බලා ගැනීමේ  නිරතව සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි. 

මරණකරු සහ ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවෙකු හොඳම මිතුරන් වන අතර ඊයේ (28) දහවල් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුර දිග යාමෙන්  අනතුරුව සැකකරු මරණකරුට පොරවකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.