(ඉන්දිකා  රාමනායක)

නවගමුව රනාල ප්‍රදේශයේ කුලී කාමරයක ජීවත් වූ  යුවළක්  අතර ඇති වූ ගැටුමකින් කාන්තාවගේ තියුණු ආයුධයකින් පහරකින්  (50) හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම යුවළ  මීට මාස දෙකකට පමණ පෙර මෙම කුලී  කාමරයට පදිංචියට පැමිණ ඇති බවත් ඔවුන් විවාහ වී නොමැති බවත් පොලිසිය කියයි.

මෙම  පුද්ගලයා (7) සවස මත්පැන් පානය කර නිවසට පැමිණ කාන්තාවට සමග ආරවුල් ඇතිකරගෙන ඇගේ හිසට පොල් ගෙඩියකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.

එහිදී එම කාන්තාව අතේ තිබූ  ආයුධයකින් පුද්ගලයාට පහර දී ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධියෙන්  කාන්තාව ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලීසිය කියයි.