තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ.
ඩී.එම්.කේ පක්ෂයේ ලොක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පිහිටුවා ඇති මහජන සහන අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ඩී.එම්.කේ පක්ෂය නිවේදනය කළේය.
එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩී.එම්.කේ පක්ෂය රුපියල් කෝටියක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කරන බව සඳුදා දින නිවේදනය කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා පරිස්සමෙන් අපේ රට සිටිය යුතු අවස්ථාවක්. ඊලම නැගී සිටීමේ ව්‍යාපාර මේ අතර සිදුවිය හැකියි. අනෙක මෙතන රටට අගෞරව කිරීමේ පරමාර්ථයක් වුවද තිබිය හැකියි.
වර්තමාන පාලකයන්ට ලැජ්ජාවක් නැතිව ඇති...
අපේ මන්ත්‍රීවරු ඒ දෙන සල්ලිවලින් පෙලපාලිවලට සහභාගිවෙන අයට කොත්තු කවති..!
මෙහේ ඉන්න අයට පරයින් කියන්නේ නිකමට නෙවෙයි...!
උතුරේ සහ දකුණේ කියලා බෙදුණු මිනිස්සුන්ට තේරෙයි, ඔය උතුරේ දූපත් ටික ඉන්දියාවට දුන්නාම උතුරේ ධීවරයින් බොහෝ ගසා කෑම්වලට ලක්වෙන හැටි. මේ තමයි සෞභාග්‍යය. ගෙඩිපිටින් ඉන්දියාවට සහ චීනයට රටේ සම්පත් දැන් දෙමු. යුද්ධය කළේ රට ඇතුළේ මිනිස්සු. ඒත් සැබෑ යුද්ධය මේ රටේ මිනිස්සුන්ට දැන් දැනෙන්න දුන්නේ කයිවාරු ගහන දේශපාලකයන්ම තමයි.
ඔය සල්ලි ටික 226ම ගෑණු කට්ටියට දෙන්න.. ෂොපින් යන්න.
අහක යන නයි මල්ලට රිංගන්න යන්නේ...!
අද පාර්ලිමේන්තුව රැස්වෙලා මහජන මුදල් ලක්ෂ ගානක් කම්බස් කළා. නියෝජ්‍ය කතානායක පත්කරන්න. රටට මේ වෙලාවේ වැදගත් නියෝජ්‍ය කතානායක පත්කරන එකද? ජනතාවට සහන සලසන දෙයක් ගැන කතාකරන එකද? මහජන මුදලින් සුඛෝපභෝගි ජීවිත ගතකරන මෙයාලට තවම ජනදුක ගැන තැකීමක් නෑ. නමුත් තමුල්නාඩුවේ මන්ත්‍රීවරුන්ට දැනිලා තියෙනවා.
මේක රට හෑල්ලුවට දාන වෑයමක් ඉන්දියාවේ... ඒ රටේ මිනිස්සුන්ට කන්න නැතිව මැරෙනවා. ඕවා තමන්ගේ මිනිස්සුන්ට දෙන්න කියන්න. එච්චර පහළට වැටිලා නැහැ රට. ඉන්දීය මාධ්‍යවලත් බොරු ප්‍රචාර ගෙනිවනවා.
මෙහෙ 225 වැටුප වැඩිකරගන්න ඉල්ලයි. ඒත් කමක් නැහැ හොරකම නතර කරනවා නම්...!
ඉන්දියාවේ හිඟන්නෝ.., ජපානයේ බාලාංශ දරුවෝ.. අපේ රටට සල්ලි දෙන එකේ ඕක මොකක්ද? අපේ රටේ නාකි හොරු ඒවත් ගසාකනවා අනිවාර්යයෙන්.
අපේ රට පාලනය කරන්න පත්කරගෙන ඉන්න ගොබ්බයන් එක සතපහක් රට වෙනුවෙන් දීලා තියෙනවාද? මෙච්චර අසීරු තැනකට රට පත්කරලා මේ අය පාර්ලිමේන්තුවේ දිනකට කෝටි ගණන් වැයකරලා වැඩකට නැති දේවල් කරනවා. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ කතානායක කව්ද කියන එක. එක එක්කෙනාට මඩ ගහගන්නවා ඒක ඇතුලේ ප්‍රධාන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නෑ. මෙයාලට කිසිම ගාණක් නැහැ මේ අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන.. 225 ම එකයි. පණ ඇති විපක්ෂයකුත් නැහැනේ. මේ 225න් එකෙක්වත් නැවත මෙතනට එවන්න හොඳ නෑ. මේ අයගේ ගෑවිච්චි කවුරුවත් ආයේ එනවා බොරු... මිනිස්සු 225ම එපා කියන්නේ මේකයි...