
(ගයාන් සූරියආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ තම්මිට මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කර සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා අද(08)වන දා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් ඇතිි බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ තම්බිට මා කේවිට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
යතුරු පැදියෙන් පැමිණි සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම පුද්ගලයාට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
ස්ථානීය පරීක්‍ෂණ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ සිදු කර තිබූඅතර මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරා ගාරයේ තැන්පත් කර ඇත.
ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd