
(විනීතා එම්. ගමගේ)
කම්කරු අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් තමන්ට වැඩ කරගෙන යන්නට දෙන්නේ නැතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (24) පැමිණිලි කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දී විදේශ රැකියා නියෝජිතයින් සමග ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබී ඇති අතර එය ආරම්භ වූ මොහොතේ කම්කරු අමාත්‍යංශයෙන් එම රැස්වීම වාර්තා කිරීමට නිලධාරියෙකු එහි එවා තිබූ බවත්, ඔහු කවර උවමනාවක් සඳහා පැමිණියේදැයි සෙවීමේ දී අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු තමන් එවන ලද බවත් රැස්වීම පටිගත කරගෙන එන ලෙස නියෝග ලද බවත් අදාළ නිලධාරියා පවසා ඇත.
ඒ අනුව තවදුරටත් සොයා බැලීමේ දී අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත මෙම නිලධාරියා එවා ඇති බව පැහැදිලි වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා දුරකතනයෙන් අමතා දොස් කියා ඇතැයි කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලේකම්වරයාට දොස් කී ජයරත්න මහතා අනතුරුව තමන්ට නිදහසේ අමාත්‍යංශයේ කටයුතු කරගෙන යන්නට කම්කරු අමාත්‍යංශයේ නිලධාරින් ඉඩ නොදෙන බවට අග්‍රාමාත්‍යවරයාට දුරකතනය ඔස්සේ පැමිණිලි කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා මෙම නිලධාරියා කාර්යංශය වෙත එවා ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් එය පටිගත කරගෙන එන ලෙස දන්වමින් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි චූටි ප්‍රශ්න පාසලේ පහළ පන්තිවලත් තිබෙන නිසා, අපි මේ ගැන කලබල විය යුතු නැහැ. ඒ වුණත් ඇමැතියෙක් කියාගන්න කෙනෙක් නාහෙන් අඬමින් අප්පච්චිට පැමිණිලි කිරීම නම් කිසිසේත්ම පිළිගත නොහැක.. රටට අබ සරණයි....!!!
මොහු කවදත් වැඩක් කළ කෙනෙක් නොවේ
අම්මේ අම්මේ... අරයා මට ගහනවා.
පව් පොඩි බබා...
මොන්ටිසෝරි ළමයි වගේ...
අැමැතිකෙනෙක් වුණාම නිලධාරීන් සමග සුහදව කටයුතු කිරීම තමයි මූලික කරුණ. නැතිව බබාලා වගේ පැමිණිලිකිරීමද යුතුකම...
වැඩ කරන්න දෙන්නේ නැහැ නොකියා මට වැඩකරන්න තේරෙන්නේ නැහැ කියල ඉල්ලා අස්වුණා නම් නරකද?
නිවැරදි මෙන්ම නීත්‍යානුකූලව රටට වැඩදායී කුමක් හෝ කිරීමේදී කිසිවෙකුට ඒවා නතර කිරීමට හෝ බාධා කළ හැකිද යන්න ගැටලුවකි. එලෙස තමන්ගේ අභිමතය පරිදි නීතිරීතිවලට පරිභාහිරව වැඩ කිරීමට යාමේදී නිලධාරීන් එවන් ක්‍රියාවන්වලට විරුද්ධ වෙනු ඇත. මක්නිසාදයත් අවුරුදු කීපයකට පසු දේශපාලුවන් මාරුවෙනු ඇත. නමුත් නිලධාරින් සේවය කළයුතුයි. එමෙන්ම කුමක් හෝ නීතිවිරෝධී ක්‍රියාවකට අවසානයේ එම නිලධාරින් වගකිවයුතු අතර වැරදිවලට දඬුවම්ද ලැබෙන්නේ එම නිලධාරීන්ටමයි. "දේශපාලුවන් තොත්ත බබා න්‍යාය භාවිතා කරමින් ගල් ආඳන් ලෙස ඇඟ බේරාගෙන මාරුවෙනු ඇත. එවන් අවස්ථාවලට මෑත අතීතයේ ඕනෑතරම් උදාහරණ ඇත. අනිත් වැදගත් කරුණ වන්නේ මේ ඇමතිගේ අඳෝනාව විතරයි. මෙම පුවතේ සඳහන් වී තිබෙන්නේ එම නිලධාරින්ගේ අදහස් ද විමසීම නීතිගරුක නොවේද, සාධාරණ නොවේද? තමන් කරන්නේ නිවැරදි දෙයක් සත්භාවයෙන් නම් තමන් කිසිවිට බියවිය යුතු නැත. එමෙන්ම එය සක්කරයාටද වැළැක්විය නොහැක. බාධාකිරීමටද නොහැකි බවත් "මෙම ඇමතියාට" දැන්වීමට කැමැත්තෙමු. එබැවින් මෙවන් ගැටළු තේරුම් ගැනුමට දිව්‍යලෝක ඥාණය අවශ්‍යද නැත.
ඒක සැබැයි සැබැයි ප්‍රංශයේ එහෙම නූණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. හ හා
කවුදෝ ඇමති කෙනෙක් මුණුපුරාගේ උපන්දිනේට බෙන්ස් කාර් එකක් තෑගි දුන්නා වගේ මතකයි ඒ කාලේ.
මේ වගේ තොත්ත බබාලට ඇමතිකම් දෙන්නෙ ඇයි? විදේශ රැකියා නියෝජිතයන් කැඳවූයේ කප්පම් ලබාගැනීමට විය හැකිය.
දියණියට පත්වීම දෙන්න බැරි වුනාද.? ගුවන් සේවා ඇමති කාලේ කලා වගේද.?
පළාත් සභා එපා එපා එපාමයි... ජනමත විචාරණයක් තියලා බලන්න...
ජනාධිපතිතුමනි, ඔබ නිලනිවසක් ප්‍රතික්ෂේප කර වියදම් අඩුකිරීම සම්බන්ධව පෙන්වූ ආදර්ශයට වඩා පළාත් සභා නැතිකිරීමෙන් මුදල් ඉතුරු කර රටට පෙන්වන ආදර්ශය වටිනවා. එමනිසා පළාත් සභා නැතිකර දාන්න.
ඔබට කම්කරු නීති පිළිබඳව අවබෝදයක් තිබෙනවද.?
1950 ගණන්වල ඇමතිවරු පාලනය කරපු රටේ දැන් ඇමතිවරු 50-60 දාගෙන පරිපාලනය සම්පුර්නයෙනම අනනවා.