
(යොහාන් භාසුර)
පස්කඳු කඩා වැටීම සහ නායයෑම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානිවීමෙන්
අද (22) ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 5 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර දක්වා පස්වරු 3.35 ට, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා (රාත්‍රී තැපැල් දුම්රිය) රාත්‍රී 8.30 ට, මහනුවර සිට කොළඹ කොටුව දක්වා පස්වරු 3.00 ට, මහනුවර සිට කොළඹ කොටුව දක්වා පස්වරු 3.25 ට සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ( රාත්‍රි තැපැල් ) පස්වරු 6.00 ධාවනය වීමට නියමිත දුම්රිය මෙසේ අවලංගු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තුමේන්තුව හදන්න මාලිමා ආණ්ඩුවටත් බෑ වගේ. ආයේ සුද්දටම දෙන්න වෙයිද මන්ද. මේක මේ කාළගුණය නිසා කියලා ඉන්න තිබුනා ඒවා කළමනාකරණය කරගන්න පියවර අරගෙන ඊටත් පස්සේ ෆේල් උනා නම්. මේ අය අර පොඩි දරුවෝ වැස්සම පාසල් යන්නේ නෑ වගේනේ. ඇත්තටම පඩි නඩි හා නඩත්තුවට ගෙවන බදු මුදල් අපරාදේ. ලංකාවට සෑහෙන සම්පතක් වෙන්න තිබුන දෙපාර්තුමේන්තුවක්. කළමනාකරණය මා ව්‍යවසායකත්වය පමණක්වත් වෙනම ගලවලා අරගෙන පෞද්ගලිකකරණය කරන්න විදියක් නැතිද?